අවිශ්කට සහ ජනිත් ලියනගේට කොවිඞ්

182

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන අවිශ්ක ප‍්‍රනාන්දුට සහ එළැඹෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කිරීමට සූදානම්ව සිටි ජනිත් ලියනගේට කොරෝනා ආසාදනය වී තිබේ. එ් අනුව අදාළ තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම අහිමිවන බව වාර්තා වේ.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා ජෛව ආරක්ෂිත බුබුලට කී‍්‍රඩකයන් ඇතුළත් කිරීමට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී අවිශ්කට සහ ජනිත් ලියනගේට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

නිමාවට පත් වූ ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්වීම මත ජනිත් ලියනගේ සිම්බාබ්වේට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවීමට නියමිතව තිබිණි.

මේ අතර තරග තහනම ඉවත් කළ කුසල් පෙරේරා අවිශ්ක ප‍්‍රනාන්දු වෙනුවට බොහෝදුරට කණ්ඩායමට කැඳවීමට නියමිතව ඇති බවට කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් අදාළ තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ (10 වැනිදා* ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment