අවිශ්ක සහ අසලංක ශී‍්‍ර ලංකාව ඔසවා තබති; ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින තරගය

249

කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (02 වැනිදා) ආරම්භ වූ ශී‍්‍ර ලංකාව සහ සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ ජයග‍්‍රහණය හඹා ගිය සංචාරක කණ්ඩායම පන්දුවාර 26ක් අවසානයේදී කඩුලූ 1ක් දැවී ලකුණු 144ක් ලබා සිටියේය. එ් අනුව දකුණු අපි‍්‍රකාවට තවත් පනුවාර 24ක් තුළදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 157ක් ලබා ගැනීමට නියමිතව තිබිණි.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පිති ප‍්‍රහාරයේ යෙදීමට තීරණය කළේය. එ් අනුව ඉනිම ආරම්භ කළ ශී‍්‍ර ලංකාව අවිශ්ක ප‍්‍රනාන්දුගේ ශතකයෙන් සහ චරිත් අසලංකගේ අර්ධ ශතකයෙන් ශක්තිමත්ව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලකුණු 300ක අභියෝගයක් දකුණු අපි‍්‍රකානුවන් හමුවේ තැබීමට සමත් වූහ. සිය ජාත්‍යන්තර 3 වැනි ශතකය වාර්තා කළ අවිශ්ක ප‍්‍රනාන්දු ඊයේ පන්දු 115ක් තුළදී ලකුණු 118ක් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට දායාද කළ අතර අලංකාර හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක්ද එම ඉනිමට එක් කිරීමට ඔහු වග බලා ගත්තේය.

ශී‍්‍ර ලංකා ඉනිම 300 සීමාවට කැඳවාගෙන ගිය චරිත් අසලංක සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් විය. පන්දු 62ක් පුරා දිග හැරුණු එම ප‍්‍රවේගකාරි ඉනිම ලකුණු 71කින් නතර කිරීමට කාගිසෝ රබඩා සමත් වෙද්දී හයේ පහර 1කින් සහ හතරේ පහර 6කින් ඔහු දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට සංග‍්‍රහ කර තිබිණි.

ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප‍්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ල සඳහා පන්දුවාර 11.5කදී ලකුණු 57ක සම්බන්ධතාවක් දියත් කළේය. එ්ඩන් මාක‍්‍රම්ගේ පන්දුවක් හමුවේ ශී‍්‍ර ලංකා පළමු කඩුල්ල ලෙසින් මිනෝද් භානුක ලකුණු 27ක් ලබා සිටියදී දැවී යෑම මත එම සම්බන්ධතාවට තිත වැටිණි.

ඊයේ සිය සිව්වැනි එක්දින තරගයට කී‍්‍රඩා කළ භානුක රාජපක්ෂ මුහුණ දුන් තෙවැනි පන්දුවේදී කේෂාව් මහරාජ්ට එරෙහිව එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙසින් කයිල් වෙරියන් රැුකගැනීමත් සමගින් ශී‍්‍ර ලංකා දෙවැනි කඩුල්ල මුළු ලකුණු 58දී බිඳ වැටුණි.

අනතුරුව අවිශ්ක සමග පිටියට එක්වූ ධනංජය ද සිල්වා හෙමින් හෙමින් ශී‍්‍ර ලංකා ඉනිම ගොඩනගමින් ශී‍්‍ර ලංකා තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 79ක සම්බන්ධතාවක් දියත් කළේය.

කේෂාව් මහරාජ් කි‍්‍රයාත්මක කළ තරගයේ 30 වැනි පන්වාරයේදී සටම්ප් කිරීමක් හමුවේ ලකුණු 44ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී යෑමත් සමගින් ශී‍්‍ර ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල බිඳ වැටුණි. පන්දු 62කට මුහුණ දුන් ධනංජය ද සිල්වා හතරේ පහර 5කින් දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළේය.

ලකුණු සටහන

ශී‍්‍ර ලංකාව පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 300යි (අවිශ්ක ප‍්‍රනාන්දු 118, මිනෝද් භානුක 27, භානුක රාජපක්ෂ 00, ධනංජය ද සිල්වා 44, චරිත් අසලංක 72, දසුන් ශානක 06, වනිදු හසරංග 03, චාමික කරුණාරත්න (නොදැවී) 07, දුෂ්මන්ත චමීර 00, අකිල ධනංජය 00, කාගිසෝ රබාඩා 66/2, කේෂව් මහරාජ් 30/2, එ්යිඩන් මාක‍්‍රම් 33/1, ටබ්රිෂ් ෂම්ෂි 55/1)

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment