අවුරුදු උත්සව තහනම් කර නෑ: සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්

119

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අවුරුදු උත්සව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලෙසට උත්සව සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

කෙසේ වෙතත්, අවුරුදු සාද, අවුරුදු පොළවල් අත්‍යවශ්‍යම දේවල් නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙසේ ද කියා සිටියේය.

කොවිඞ් වසංගතය තාම නිමාවෙලා නැහැ. ඒක අමතක කරන්න එපා. කොහොම වුණත් අවුරුදු උත්සව පැවැත්වීම තහනම් කරලා නැහැ. හැබැයි සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්න කියලා සංවිධායකවරුන්ට උපදෙස් දීලයි තිබෙන්නේ.

සංගීත ප‍්‍රසංග වුණත් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනවානම් හොඳයි. ඒ වගේම මංගල උත්සවවලට වුණත් විශාල පිරිසක් එකතු කරගන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

අනිත් කාරණාව තමයි හැම දෙනාම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියන කාරණාව.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment