අවුරුදු නෑගම් ඇවිත් අතුරුදන් වූ කිරිකැටියාගේ සිරුර රංකැට ඇළෙන් හමුවෙයි

79

අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව, නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදී අතුරුදන් වූ අවුරුදු 02 යි මාස 06ක් වයසැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව ප්‍රදේශයේ රංකැට ඇළේ තිබියදී ඊයේ (16දා) පෙරවරුවේ සොයාගත් බැව් නෙළුව පොලිසිය පවසයි.

පොලිසිය, යුද හමුදාව හා ගම්වැසියන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයා ගත් දරුවාගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මරණයට හේතුව අනාවරණය කර ගත හැකි බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කැකුළුන්දල ලියනගේ දොන් නිවෙන් දෙව්මිර නමැති දරුවෙකි. මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගා නගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇති අතර දරුවා සිය බිරිඳගේ නිවසේ සිටියදී 15 දා අතුරුදන් වී ඇති බවට පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලි කොට ඇත. පසුව පොලිසිය සහ ගම්වාසීන් එක්ව දරුවා සිටි නිවස ඉදිරිපිටින් ගලා යන රංකැට ඇළට දරුවා වැටී සිටීදැයි සොයා මෙහෙයුමක් ආරම්භකොට තිබුණි. නෙළුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment