අවුරුදු පතා එන්නත දෙන්න වුණොත් ඊටත් සූදානම් වීම වැදගත් – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

339

කොරෝනා වසංගතය හමුවේ වාර්ෂිකව එන්නත් මාත‍්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් එයට සූදානම් වීම ඉතා වැදගත් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.

කොරෝනා වැනි වෛරස් බොහොමයකදී මේ දක්වා කි‍්‍රයාත්මක වූ සාමාන්‍ය ක‍්‍රමවේදය වූයේ වාර්ෂිකව එන්නත් ලබාදීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.විද්‍යානුකූලව සලකා බැලූවහොත් කොරෝනා වෛරසයටද එවැනි එන්නත් කිරීමක් සිදු වීමට ඉඩක් තිබෙන බවද ඒ මහතා ස`දහන් කළේය.

කොරෝනා වෛරසය හමුවේ මේ වන විට ලොව බොහෝ රටවල් තුන්වැනි මාත‍්‍රාවක් හෝ වාර්ෂිකව අමතර මාත‍්‍රාවක් ලබාදීම පිළිබ`දව සලකා බලමින් තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් සේවයට කැ`දවීමට රජය ගනු ලැබූ තීරණය පිළිබ`දව නැවත සලකා බැලීමක් සිදුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ස`දහන් කරයි.

රාජ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම සිදු කෙරුණද ඔවුන් බහුතරයක් ලබාගෙන ඇත්තේ එක් එන්නත් මාත‍්‍රාවක් පමණක් බව පෙන්වා දෙන එම සංගමය බහුතර රාජ්‍ය සේවකයන්ගේ පවුල්වල සමීපතමයන් එන්නත්කරණයට ලක්වී නොමැති නිසා රාජ්‍ය සේවකයන් සේවයට ගොස් යළි පැමිණීමේදී සමීපතමයන් අවදානමකට ලක්වන බවද පවසයි.

එය කෙසේ වෙතත් කොළඹ නගර සභාවේ ප‍්‍රධාන වෛi නිලධාරීන් රුවන් විජයමුණි මහතා පෙන්වා දෙන්නේ කොළඹ පිහිටි ප‍්‍රධෘන පෙළේ සියලූම රාජ්‍ය ආයතනවල සේවකයන්ට එන්නත් ලබා දී තිබෙන බවයි. යම් අයකුට එන්නත ලැබී නොමැති නම් ආයතන ප‍්‍රධානියා මගින් ඉල්ලීමක් කරන ලෙසද ඒ මහතා ස`දහන් කරයි.

මේ අතර පවතින වසංගත තත්ත්වයත් සම`ග කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1958ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (02 වැනිදා) ස`දහන් කළේය.

එම පිරිසත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාවද 280868 දක්වා ඉහළ ගියේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment