අවුරුදු පහක් දහයක් ඕනෑ නෑ: ලබන වසර අවසන් වන විට අපි ස්ථාවර වෙනවා – රනිල් සී.එන්.එන්. පුවත් සේවයට කියයි

291

අපිට අවුරුදු පහක් හෝ දහයක් අවශ්‍ය නොවන බවත් ලබන වසර (2023) අවසන් වන විට ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගනු ඇති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් වැඩබලන ජනාධිපතිවරයා මේ බව පැවසීය. පසුගිය රජය එහි රටේ මූල්‍ය අර්බුදය පිළිබඳ කරුණු වසන් කරමින් සිටි බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ රජය සත්‍ය ප්‍රකාශ කළේ නැති බවත්, ශ්‍රී ලංකාව බංකොළොත් බව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව පසුගිය රජය ප්‍රකාශ නොකළ බවත් වැඩ බලන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට එම පුවත් සේවයට පැවසීය.

ජනතාව දුක් විඳින බව මා දන්නවා. අපිට අවුරුදු පහක් අවුරුදු 10ක් අවශ්‍ය නැහැ. ලබන වසර (2023) අවසන් වන විට අපි ස්ථාවර වීමට පටන් ගන්නවා. 2024 වන විට නිසැක වශයෙන්ම වර්ධනය වීමට පටන් ගන්නා ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගන්නවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.එන්. පුවත් සේවය අමතා තවදුරටත් කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment