අවුරුදු හතරකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිහැඬියාව බිඳින්න සැරසෙයි

307

ක්ෂීර සාගරය මැයි 18 වැනිදා සිට තිරගත කරනවා
මෝඩ අඥාන මිනිස්සු තවමත් ජැක්සන්ට මඩ ගහනවා ජැක්සන්ට මේ චිත්‍රපටය බලන්න බැරි වුණා
ෂූටින්වල දී තවත් නළුවකුට කොරෝනා හැදුණා
ජැක්සන්, හේමාල් ඇතුළු සියලුදෙනාම නිරෝධායනය කළා

1978 වසරේ අනුපමා චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසි හෙතෙම මෙරට සිනමාවට සරුංගලය, සිරිබෝ අයියා, කැලෑ මල්, ක්‍රිස්තු චරිතය, කුස පබා, පත්තිනි, බිම්බා දේවී හෙවත් යශෝධරා, විජයබා කොල්ලය වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිකළ දක්‍ෂ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්, දක්‍ෂ තිර පිටපත් රචකයෙක් 1986 වසරේ සරසවි සම්මාන උළෙලේ දී සුද්දිලාගේ කතාවට හොඳම තිර නාටක රචකයාට හිමි සම්මානය ඊට හොඳම සාක්‍ෂියකි. තවත් වරෙක 1982, 1996, 1997, 2000, 2002 වසරවල පැවති ජනාධිපති සම්මාන උළෙලවල දී දක්‍ෂතම ගේය කාව්‍ය රචකයාට හිමි සම්මානයට ද හිමිකම් කීහ. ඔහු මෙරට කලාවට සුවිසාල මෙහෙවරක් ඉෂ්ට කළ සම්මානිත අධ්‍යක්‍ෂ මහචාර්ය සුනිල් ආරියරත්නයන් ය. මහැඳුරුතුමාගේ සිනමා කෘතියක් දිගු නිහැඬියාවට පසුව මෙරට සිනමා හල්වලට තිරගත කිරීමට සූදානම් වෙනවා. සයිමන් නවගත්තේගමගේ නව කතාවෙන් සිනමා අනුවර්තනයක් ලෙසින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්‍ෂණයෙන් එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයෙන් ක්ෂීර සාගරය කැළඹිණ සිනමා නිර්මාණය එළැඹෙන මැයි මාසයේ 18 වැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ කෙරේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

අවුරුදු හතරකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිහැඬියාව බිඳින්න සැරසෙයි

● සම්මානිත මහැඳුරු සුනිල් ආරියරත්නයන් දිගු කලකට පසුව නිහැඬියාව බිඳින්න සූදානම් වෙනවා.

2012 වසරේ වැඩිම ආදායම් වාර්තාව තැබූ කුස පබා 2015 වසරේ වැඩිම ආදායම් වාර්තාව පත්තිනි, 2018 වසරේ වැඩිම ආදායම් වාර්තාව යශෝධරා, 2019 වසරේ වැඩිම ආදායම් වාර්තාව විජයබා කොල්ල ය. ඉතින් මම හිතනවා ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා. මම ඒවා නිර්මාණය කළේ වාණිජමය චිත්‍රපට හැටියට යි. ප්‍රේක්‍ෂකයන්ගේ බුද්ධියට නිඟා නොකර වාණිජමය චිත්‍රපට හැදීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන කුස පබා චිත්‍රපටයෙන් තමයි ඒ ගමන ආරම්භ කළේ. අවසාන වශයෙන් මම කරලා අවසන් කළේ විජයබා කොල්ල ය. ඉතිං මේ 2023 වනවිට වසර හතරක් තිස්සේ දීර්ඝ නිහැඬියාවක් ගත්තා.

දර්ශන තලයේදී ජැක්සන්ගේ උපන් දිනය සමරමින්

හැබැයි මම ඒ නිහඬව හිටපු කාලයේ චිත්‍රපට නිර්මාණය කළා. කදිර දිව්‍යරාජ නමින් චිත්‍රපටයක් අවසන් කරලා රැඟුම් පාලක මණ්ඩලයට පෙන්නුවා. ක්‍ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයත් රැඟුම් පාලක මණ්ඩලයට පෙන්නුවා. රටේ තිබුණ කොරෝනා ප්‍රශ්නය නිසා විශේෂයෙන් නිෂ්පාදකවරු මේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අකමැති වුණා. මමත් ඒකට එකඟ වුණා. එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා මාත් එක්ක නිෂ්පාදන කාර්යයට අතගසපු තුන්වැනි චිත්‍රපට ය. එතකොට මට පැහැදිලියි මේ වෙලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන එක හොඳ නැහැ කියලා. නමුත් දැන් සිනමාවේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඉන්න වෙලාවක්. මේ වසර හතර තුළ සිනමා කර්මාන්තයේ බොහෝ වෙනස්කම් ඇති වුණා. විශේෂයෙන් කළම්බු සිටි සෙන්ටර්, පී. වී. ආර් වැනි සිනමා සංකීර්ණ ඇති වුණා. කැන්ඩි සිටි සෙන්ටර් සිනමා සංකීර්ණය. ලයිට් සිනමා ශාලා පෙළ මේ සිනමාහල්වල තිරගත වන සිනමා නිර්මාණවල ඉහළ ආදායමක් පෙන්නුවා. ඒ වගේම අලුතෙන් සිනමා මණ්ඩල පවා හැදුණා. යළි මේ ඇති වුණු පිබිදීමත් සමග තමයි මම අදහස් කළේ ක්ෂීර සාගරය චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට සූදානම් කරන්න.

අවුරුදු හතරකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිහැඬියාව බිඳින්න සැරසෙයි

● ඇත්තට ම ක්‍ෂීර සාගරය කැළඹිණි චිත්‍රපටය තිරගත කරන්න සූදානම් වෙන්නේ කොයි වගේ කාල වකවානුවක ද? පිටපත් කීයක් මුදාහරිනවා ද?

මැයි 18 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට සූදානම්. පිටපත් 50කට ආසන්න සංඛ්‍යාවක් තමයි මුදාහරින්නේ. ඇත්තට ම එකම මණ්ඩලයකටවත් සිනමාශාලා විශාල සංඛ්‍යාවක් නැහැ. හැම මණ්ඩලයක්ම තවත් මණ්ඩලවලින් දර්ශන වාර කිහිපයක් අරගෙන තමයි ප්‍රදර්ශනය කරන්නේ. එහෙම බලනකොට හැම කෙනකුට ම සිනමාශාලා පනහක් විතර තිබෙනවා.

● සයිමන් නවගත්තේගමගේ නවකතාවක් සිනමාවට නඟන විට මහාචාර්යතුමාට දැවැන්ත අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවෙන්න ඇතිනේද?

ඇත්තට ම මේකේ වගඋත්තරකාරයා ලෙඩ ඇඳේ සිටීම විශාල පාඩුවක්. ඇත්තටම නවගත්තේගමයන්ගේ නවකතාවලින් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුණ නවකතාවක් තමයි මම සිනමාවට නැඟුවේ. හැබැයි පුදුමයකට වගේ මම කැමැතිම වෙලා හිටපු නවකතාව තමයි ක්ෂීර සාගරය. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ, ක්ෂීර සාගරය නවකතාව කියවනකොට සිනමාරූප තමයි මැවිලා පෙනුනේ. ක්ෂීර සාගරය නවකතාව මගේ අතට හම්බවෙලා අවුරුදු 32කට පස්සේ තමයි මට මේ අදහස පහළවෙන්නේ.

● ආනන්ද අබේනායකයන් වරෙක මේ නවකතාවම සිනමාවට නැඟීමට අදහස් කරගෙන හිටියා?

ගාමිණී ෆොන්සේකා සහ ජැක්සන් ඇන්තනිව යොදාගෙන ක්ෂීර සාගරය නිර්මාණය කරන්න අදහස් කරලා තිබුණා. පස්සේ මට මේ ආරංචිය ලැබුණු පසු ඒ පිටපත මම ඉල්ලුවා. පස්සේ ආනන්ද අබේනායකට මාව වදයක් වුණා. ඇත්තටම ආනන්ද අබේනායක කිව්වා මට මේ වැඩේ කරන්න බැහැ හරි බරපතළ වැඩි කියලා. ඒ කාලේ තවත් කිහිපදෙනෙක්ම මේ පිටපත ලබාගන්න උත්සාහ කරලා තිබුණා.

අවුරුදු හතරකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිහැඬියාව බිඳින්න සැරසෙයි

● පසුව මහාචාර්යතුමා මේ පිටපත වෙනස් කරනවා?

ආනන්ද අබේනායක පිටපත අතට දීලා කිව්වා මේක වෙනස් කරගැනීමේ අයිතිය ඔබට තිබෙනවා කියලා. අනික මම මේ පිටපත අතට ගන්නකොටම මගේ ඔළුවේ මැවුණේ අධිරාජ්‍යයා ජැක්සන්, කැරලිකාරයා හේමාල් කියලා.

● එතකොට පිටපත ලියන්නත් ජැක්සන්ට දෙනවා කියන අදහසේම හිටියා ද?

කාස්ට් කරනකොටම මගේ ඔළුවට ආපු අනෙක් අභියෝගය තමයි කාට කියල ද මම මේ පිටපත ලියාගන්නේ කියලා. අභියෝගාත්මක කාර්යයක්. මම දන්නවානේ ජැක්සන් ඇන්තනිගේ දැනුම. ඒ නිසා මම හිතුවා පිටපත ලියන්න අනිවාර්යයෙන්ම ජැක්සන්ට දෙනවා කියලා. මම මේ පිටපත ජැක්සන්ට කියලා පස්වතාවක් විතර ලියෙව්වා.

● ඒ එක් වතාවක්වත් ඔබතුමා සෑහීමකට පත්වුණේ නැතිද?

සෑහීමකට පත්වුණේ නෑ. අනෙක් කාරණය නව කතාවෙත් අවසන් හරියේ පොඩි අවුලක් තියෙනවා. ඒ කතාව ආනන්දත් කිව්වා. එයා ධර්මසිරි බණ්ඩාරනායකට කියලත් අන්තිමට ලියෙව්වා කියලා කිව්වා. ඒ නිසා එහෙම අවුලක් තිබුණා. මේක සාකච්ඡා කළේ චන්න දේශප්‍රියයි, මායි ජැක්සන් ඇන්තනියි.

● පිටපත අතට ලැබෙන කොට අධිරාජ්‍යයාට ජැක්සන්වයි කැරලිකාරයාට හේමාලිවයි තේරාගත්තේ?

එතැන ලොකු අභියෝගයක් තිබුණ. අනික ලංකා ඉතිහාසයේ අධිරාජ්‍යයෙක් නැහැ. ඊළඟට මේ චරිතවලට නම් නැහැ. අධිරාජ්‍යයා, කැරලිකාරයා, දැරිය කියන නම්වලින් තමයි සඳහන් කරන්නේ. චිත්‍රපටය කරන කොටත් නම් නැහැ. එතකොට අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි අපි කොතැන ද මේ චිත්‍රපටය පිහිටුවන්නේ කියලා. කල්පිතයක අධිරාජ්‍යයෙක් වගේ මිනිහෙක් ඉන්න ඕනෑ.

ඊළඟට අභියෝගය මම ලබාදුන්නේ වෙනුක වික්‍රමආරච්චි කියන වස්ත්‍රාභරණ නිර්මාණකරුටයි. ධම්මික හේවාදුවත්ත කියන කලා අධ්‍යක්‍ෂවරයාටයි. අනික මේ අධිරාජ්‍යයා කොපියක් වෙන්නත් බැහැ. එහෙම කෙනෙක් ඉඳලා නැහැ. රෝහණට කිව්වා රෝහණ මෙහි සංගීතය ඉන්දියානුත් නෙමෙයි, සිංහලත් නෙමෙයි ජනගීයක් නෙමෙයි. බටහිරත් නෙමෙයි එහෙම නොවන සංගීතයකට යන්න වෙනවා කියලා, මේ අභියෝග රාශියටම මේ පිරිස මුහුණ දුන්නා.

අවුරුදු හතරකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිහැඬියාව බිඳින්න සැරසෙයි

● රූගත කිරීම්වලට කොච්චර කාලයක් ගතවුණා ද?

රූගත කිරීම්වලට දවස් 45ක වගේ කාලයක් ගතවුණා. අතර මැදදි කොරෝනා උවදුරටත් ලක්වුණා. පළමුවැනි ෂෙඩුල් එක ඉවර කරනකොට රන්මිනිතැන්නේ දී කොරෝනා වසංගතයටත් හසු වුණා. අපේ සටන් නළුවකුට කොරෝනා හැදුණා. අපි රන්මිනිතැන්න ඇතුළේ දවස් 14ක් නිරෝධායනය වුණා. මම දෙවැනි ඉන්ජක්සන් එක ගහන්න එළියට ඇවිත් හිටියේ. ඒ අතරේ තමයි කොරෝනා හැදුණේ.

ජැක්සන්, හේමාල් ඇතුළු සියලු දෙනාටම නිරෝධායනය වෙන්නත් සිද්ධ වුණා. ඒ වැඩෙන් ජැක්සන්ලා ඇතුළු පිරිවර ම විඳෙව්වා. මම විතරයි බේරුණේ. ඊළඟ රූගත කිරීම් තිබුණේ දඹුල්ලේ. අන්තිමේ බබල් එකක් විදිහට හදලා නිරෝධායන නීතිය අනුව අවසර පත්‍රයක් ලබාදුන්නා රූගත කිරීම්වලට. අන්තිමේ අපේ සටන් නළුවාට සහභාගි වෙන්න බැරිවුණා.

තවත් තිබුණ අභියෝගයක් තමයි, මේ නවකතාව මෙයා ලියලා තිබෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ රීතියකින්. මායා යථාර්ථවාදී රීතියකින් මැජික් රියල්සම්. දැන් මේක සිනමාවට ගේන්න එපායැ. එතකොට ඒ අභියෝගයත් භාරගත්තේ ජැක්සන්. අමාරු දෙයක්. ඊළඟට මොන ශානරයට ද මේක අයිතිවෙන්නේ. මේකේ ප්‍රේම කතාවක් ඇත්තෙන් නෑ. නැත්තෙත් නෑ. මම මේකට යොදලා තියෙන්නේ අධිරාජ්‍යයාට එරෙහිව අධිරාජ්‍යයා තමයි තේමා පාඨය. මම හිතන්නේ මේක දේශපාලන ශානරයට අයිතිවෙන චිත්‍රපටයක්. අභියෝග රැසය.ි චිත්‍රපටයක් මුදාහරිනකම් අපිට කියන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා. ජනප්‍රිය වෙයිද, මිනිස්සු කැමැති වෙයිද? කියන්න දන්නේ නැහැ. නමුත් අපි සියලු දෙනා චිත්‍රපටය නරඹලා සතුටට පත් වුණා. නමුත් ජැක්සන්ට බලන්න හම්බවුණේ නෑ.

● කුසපබා, පත්තිනි, යශෝධරා, විජයබා කොල්ලය චිත්‍රපටවල සිනමාරූපී බව දැවැන්තව දක්නට ලැබුණු චිත්‍රපට. මෙම නිර්මාණ හතරෙත් එහාට ගිය දෙයක් ක්ෂීර සාගරයට කරන්න පුළුවන් වුණා ද?

ක්ෂීර සාගරයත් එබඳුම දැවැන්ත නිර්මාණයක්. එකම දේ රජවරු නෑ සිංහාසන නෑ. ඔටුනු නෑ, දොරටුපාලයෝ නෑ. මේක කල්පිත පසුබිමක තියෙන්නේ. මේක අර චිත්‍රපට හතරටම වඩා වෙනස්. අතිරේක නළු නිළියන් පන්සීයත් හත්සීයත් අතර ප්‍රමාණයක් රඟපෑවා.

අවුරුදු හතරකට පස්සේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිහැඬියාව බිඳින්න සැරසෙයි

● මහාචාර්යතුමා විවිධ කාලවලට විවිධ ශානරයන් සහ විවිධ ප්‍රේක්‍ෂකාගාරයන් ඉලක්ක කරනවා. මෙතැනදි මොනවගේ ප්‍රේක්‍ෂකාගාරයක්ද ඉලක්ක කළේ?

මේක අනිවාර්යයෙන්ම පවුලේ චිත්‍රපටයක්. මොකද මම වාණිජමය චිත්‍රපට කියලා කියන්නේ ඉස්සර තිබුණ වාණිජමය චිත්‍රපටවලට නෙමෙය. ඉස්සර ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස් ආදී වශයෙන් කරපු වාණිජ සිනමාවක් තිබෙනවා. ඒ වාණිජ සිනමාව නෙමෙයි මම හැදුවේ. මේක මගේ වාණිජ සිනමාව. මොකද මම දන්නවා චිත්‍රපට හදකොට වාණිජමය පරමාර්ථය ඇතිව චිත්‍රපට නිර්මාණය කරන්න.

මගේ වාණිජ සිනමාවේ දෙපැත්ත කැපෙන වචන නැහැ. විහිළුකාරයෝ නෑ. ලව් සීන් නෑ. දුෂ්ටයෙක් නෑ, මේවා නැතිව වාණිජ සිනමාවක් හදනවා කියන්නේම ලෙහෙසි වැඩක් නෙමෙයි. අනික් එක මේ චිත්‍රපට කොහොමටත් එකින් එකට එකක් වෙනස්. මම දැනට චිත්‍රපට විසි ගණනක් කරලා තිබෙනවා. මම කවදාවත් කරපු මාතෘකාවක් යළි සිනමාවට නඟන්න උත්සාහ කළේ නෑ. දැන් කුස පබා සාර්ථක වුණා කියලා මම නැවත ජාතක කතා කරන්න ගියේ නෑනේ. ඉතිං මම කැමැති නැහැ එකම තේමාවකින් තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න.

මෑත කාලයේ ඔබේ චිත්‍රපටවල රඟපෑ ජැක්සන් වගේම හේමාල්ට මොන වගේ හැඩයක් ද මේ නිර්මාණය ඇතුළෙ සිදුකළේ?

මේ දෙන්නම ඥානවන්ත නළුවෝ නිසා ඒගොල්ලෝ දැනගත්තා ක්ෂීර සාගරයට අපි ප්‍රදානය කරන්න ඕනෑ මොනවගේ රංගන ශෛලියක්ද කියලා. දැන් හේමාල් විජයබා කොල්ලයේ හිටියා නමුත් විජයබා කොල්ලයේ රංගනයට වඩා හාත්පසින්ම වෙනස් මේ චිත්‍රපටයේ රංගනය. අනෙක් කාරණාව තමයි නැටුම්.

මේ අභියෝග සියල්ල හමාර කරලා මහාචාර්යතුමා ක්ෂීර සාගරය කළඹන්නයි මේ සූදානම් වෙන්නේ?

මම හිතන්නේ මේ චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය ළංවෙන්න ළංවෙන්න මට ජැක්සන් ගැන ඇතිවෙන විශාල කම්පාව දරාගන්න අමාරුයි. ඔහුත් මාත් මේ චිත්‍රපටයේම දවස් 45ක් තිස්සේ වගේම පසු නිෂ්පාදන කටයුතුවලට තවත් දවස් 45ක් විතර කාලයක් ගතවුණා. අපි බොහොම ලෙංගතුව හිටපු කාලයක්. ඉතිං මට පුදුම දුකක් තිබෙන්නේ. මෝඩ අඥාන මිනිස්සු ඔහුට තවමත් මඩ ගහනවා. මේ තරම් ඥාන සම්භාරයක් තියෙන කිසිම කෙනෙක් මේ ලංකාවේ නැහැ. රංගනය, ගායනය, රචනය, සම්ප්‍රේෂණ භූමිකාව වගේ මේ හැම දෙයක්ම තියෙන කිසිම කෙනෙක් ලංකාවේ නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය වරෙක පැවසුවා ඔහු තමයි මහා නළුවා කියල. ඉතිං මේ මහා නළුවාට අල්පෙනිත්තක් අල්ලගෙන ඊර්ෂ්‍යාකාර මිනිස්සු මරණය ප්‍රාර්ථනා කරකර ඉන්නවා. මොන තරම් බලු වැඩක්ද? ඔය බණින මිනිස්සු තමයි හැම ආණ්ඩුවකින්ම සහන ගත්තේ.

● ජැක්සන් ඇන්තනිගේ අඩුව කොහොමද ඔබට දැනෙන්නේ?

මේ අඩුව පුරවන්නම බැහැ. කොහොමද පුරවන්නේ. සියලුම සකල කලාවල්ලභ කියලා කියන්න පුළුවන් ජැක්සන්ට. හොඳ නළුවෙක්. හොඳ සම්ප්‍රවේශකයෙක් පහල වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ නළුවෙක් පහළ වෙන්නත් පුළුවන්. නමුත් ඔය ඔක්කොම තියෙන එක්කෙනෙක් පහල වෙන්නේ නැහැනේ. ජැක්සන් ඇඳට වැටුණු නිසා එක්වර අපිට දහදෙනෙක් විතර නැතිවුණා. චිත්‍රපටයේ ඩබින්වලටත් ආවා. ඊට පස්සේ එඩිටිංවලට ආවා. ඔය අතරතුරේ තමයි ෂූටින්වලට ගියේ.

ඔබේ චිත්‍රපටවලට මෑත කාලයේ තරුණ නිර්මාණකරුවන් රැසක් භාවිත කරනවා?

මම හැම විටම එකම කණ්ඩායමක් එක්ක වැඩ කරන්න සූදානම් නැහැ. මොකද මම පෝෂණය වෙලා තිබෙනවා තරුණ පිරිසගේ දායකත්වයෙන්. හැම කෙනකුගේම අලුත් අදහස් මේකට ගොනු කරන්න .

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment