අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත දීමට රජය කටයුතු කළ යුතුයි – GMOA කියයි

274

කොවිඞ් 19 වෛරසය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති ෆයිසර් එන්නත මෙරට වයස අවුරුදු දොළහෙන් ඉහළ දරුවන්ට ලබාදීමට රජය කටයුතු කළ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.

දරුවන්ට අමතරව වැඩි සංකූලතා දක්වන පුද්ගලයන්ටත් ෆයිසර් එන්නත ලබා දීමට හැකියාව ඇති බවත් ඉන් වැඩි ප‍්‍රතිශකන්තිකරණයක් ලබාගත හැකි බව පරීක්‍ෂණවලදී තහවුරු වී ඇති බවත් එම සංගමය පවසයි.

කොවිඞ් 19 වෛරසය සඳහා මෙතෙක් භාවිතයට ගෙන ඇති ඕනෑම එන්නත් වර්ගයක් මගින් ශරීරයට සියයට සියයකින්ම ආරක්‍ෂාවක් නොලැබෙන නමුත් ඉන් මිනිසාට ඇතිවන සංකූලතා සහ ජීවිත තර්ජන අවම වීම කෙරෙයි අවධානය යොමු කිරීම වැදගත් බව වෛi නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

මේ පිළිබඳව ‘දිවයින’ට ඊයේ (07 දා) අදහස් දැක්වූ රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛi නවීන් ද සොයිසා මහතා මෙසේ පැවසීය.

එන්නත් මගින් සියයට සියයක්ම ආරක්‍ෂාව නැතත් කොවිඞ් නිසා මිනිසාට ඇතිවන මරණ සහ සංකූලතා අවම කරගත හැකි බව ජාත්‍යන්තර පරීක්‍ෂණවලදී තහවුරු වී තිබෙනවා.

එන්නතක් භාවිතයට අනුමත කරන්නේ පරීක්‍ෂණ රැුසක් සිදු කිරීමෙන් අනතුරුවයි. කොවිඞ් සඳහා මේ දක්වා ලෝකයේ භාවිතා කරන සෑම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබෙනවා.

විවිධ රටවල් ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ගයන්ට අනුව එන්නතේ හොඳ නරක වර්ග කළත් සෑම එන්නතකින්ම සිදුවන සේවය මිනිස් ජීවිත ආරක්‍ෂා කර ගැනීමට ඉතාමත් වැදගත්. ඒ නිසයි අපි අදටත් කියන්නේ තමන්ට ලැබෙන ඕනෑම එන්නතක් විඳගන්න කල් අරින්න එපා කියලා.

ඕනෑම කොවිඞ් මර්දන එන්නතකින් පසු හිස කැරකීම, ඇ`ගපත වේදනාව වගේ තත්ත්වයන් ඇතිවීමට හැකියි. නමුත් ඒ කිසිවක් එන්නත නොගෙන සිටීමට හේතු කාරණා නොවෙයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment