අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ට කොරෝනා එන්නත් දීම 7දා සිට

197

මෙරට අවුරුදු 12—x15 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම ලබන සිකුරාදා (07දා) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා වන එන්නත්කරණයේදී එක් එන්නත් මාත‍්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති බව ඇමැතිවරයා කීවේය. පාසල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා නොගත් පාසල් ගුරුවරුන්ට ද එම ස්ථානවලදීම එන්නත්

ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

මෙයට පෙර අවුරුදු 15-19 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණය සිදු කෙරුණු අතර එයට අමතරව අවුරුදු 12-15 වයස් කාණ්ඩයට අයත් විවිධ සංකූලතා සහිත ළමයින් සඳහා ද එන්නත්කරණය සිදු විය. මේ යටතේ එවැනි ළමයින් 30,000 ක් පමණ මේ වන විට එන්නත්කරණයට ලක් කර තිබෙන බව අනාවරණය වේ.

මේ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් ළමුන් ප‍්‍රවාහනයේ නියැළෙන්නන් ඇතුළු පිරිස ස`දහා ද මෙයට සමගාමීව බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවත්, ඒ තුළ කොරෝනා ව්‍යසනයේදී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment