අවුරුදු 14 ක බාලවයස්කාර දැරියක දූෂණය කළ තරුණයන් සිව්දෙනකු සොයා බිබිල පොලිසියෙන් පරීක්ෂණ

471

බිබිල පොලිස් වසමට අයත් අවුරුදු 14 මාස 09 වයසැති බාලවයස්කාර දැරියක් වරින්වර ¥ෂණය කළ තරුණයන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට බිබිල පොලිසිය කටයුතු කරගෙන යයි.

අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය 2020 දෙසැම්බර් මාසයේ සිට 2021 පෙබරවාරි මාසය දක්වා අසල්වැසි තරුණයන් සිව්දෙනකු ඇයගේ නිවෙසේදී වරින්වර දූෂණයකර ඇති බවට දැරියගේ මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

සැකකාර තරුණයන් සිව්දෙනා ප‍්‍රදේශයෙන්

පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන පොලිසිය හැකි ඉක්මණින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ. සෙනරත් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment