අවුරුදු 15 දැරිය ගැබිනියක කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

1044

අවුරුදු 15 දැරියක ගැබිනියක කළ දැරියගේ මවගේ අනියම් පුරුෂයා පෙරේදා (04 දා) බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියගේ පියා මව අතහැර ගොස් ඇති අතර මව වෙනත් පුද්ගලයකු සමග අඹුසැමියන් ලෙස ජීවත් වී සිට ඇත.

දැරිය ඔවුන්ගේ රැකවරණය යටතේ සිටිය දී නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේ දී මවගේ අනියම් පුරුෂයා වරින්වර ඇය දූෂණය කර ඇත.

දැරියට බඩේ රුදාවක් වැළඳී ප්‍රතිකාර ලබා  ගැනීමට ගිය අවස්ථාවේ දී සිදුකළ පරීක්ෂණවල දී ඇය ගැබිනියක බව හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ අනියම් පුරුෂයා වන හතළිස් දෙහැවිරිදි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment