අවුරුදු 15 – 19 ත් අතර දරුවන්ට ෆයිසර්; විදින්නේ රෝහල්වල

233

වයස අවුරුදු 15ත් 19ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඒ අනුව පළමුව මෙම එන්නත්කරණය සිදු කරන්නේ මෙම වයස් කාණ්ඩයේ සිටින විවිධ ආබාධ සහිත දරුවන්ට බවත් එවැනි දරුවන් පනස්දහසක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කීවේය. එම එන්නත්කරණ කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කරන බව ද එසේම එම එන්නත් දරුවන්ට ලබාදෙන්නේ රෝහල් හි පමණක් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment