අවුරුදු 15-24 වයසේ තරුණයන් ඒඩ්ස්වලට ගොදුරුවීම වැඩිවෙලා – මේ වසරේ ආසාදිතයෝ 429 ක්

144

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජනක වේරගොඩ

පසුගිය වසර කිහිපය තුළ මෙරට වයස අවුරුදු 15-24 අතර තරුණයන් ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

විශේෂඥ වෛද්‍ය (ප්‍රජා වෛද්‍ය) ජනක වේරගොඩ මහතා පවසන්නේ 2021 වසරේ අලුතින් ඒඩ්ස් රෝගීන් 411 ක් හඳුනාගෙන ඇති බවත් එම වසර අවසන් වනවිට ඒඩ්ස් සමඟ ජීවත්වන පුද්ගලයන් ඇස්තමේන්තුගත සංඛ්‍යාව 3600 ක් බව හෙළිවී තිබෙන බවත්ය.

මේ පිරිසෙන් සියයට අසූ දෙකක් ඔවුන්ගේ රෝගී තත්ත්වය දැන සිට ඇති අතර සියයට අසූඑකක් ප්‍රතිකාර ලබාගෙන සහ සියයට අසූපහක් වෛරසය මර්දනය කරගෙන ඇති බව හෙළිවී තිබෙන බවත් වෛද්‍ය ජනක වේරගොඩ මහතා පැවැසීය.

2022 තුන්වැනි කාර්තුව අවසන් වනවිට ඒඩ්ස් ආසාදිතයන් 429 ක් වාර්තා වී තිබෙන බවත් එය ඊට පෙර වසරවල ප්‍රමාණය ඉක්මයෑමක් බවත් පෙන්වාදෙන ඒ මහතා පිරිමි සමලිංගිකයන් අතර එච්. අයි. වී. වාර්තාවීමේ වර්ධනයක් ඇතිවී තිබෙන බව ද පවසයි.

රටේ පවතින ආර්ථික අර්බුද, එච්. අයි. වී. පරීක්‍ෂණ පහසුකම් හිඟය සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ඒඩ්ස් මර්දනයට බලපා ඇති බව ද පවසන වෛද්‍ය ජානක වේරගොඩ මහතා, එහෙත් සායන පැවැත්වීමට සහ රෝගය වළක්වා ගැනීමේ ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම් ද සිදුකිරීමට පියවරගෙන ඇති බව ද කියා සිටියේය.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment