අවුරුදු 18 ක් තිස්සේ ප‍්‍රංශ නළුවකු ලෙස ”කෑන්ස්” සිනමා උළෙලට යන ලාංකිකයා

205

අතීතයේ භීෂණයෙන් ජීවිතය බේරා ගන්න රටින් පැන ගත්තු ඔහු අවසානයේ ජීවිතය ජය ගන්නේ හරිම පුදුමාකාර විදිහට. අපි හැමදාම කතා කරන්නේ ලාංකේය සිනමා, ටෙලිකතා මාලාව ජයගත්තු එහෙමත් නැත්නම් ජාත්‍යන්තරය ජයගත්තු නළු නිළියන් ගැන. අපි මේ කියන්න හදන චරිතය ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවය තබාගෙන ප‍්‍රංශ සිනමාව ජයගෙන තියෙනවා.

 ඔහු අද වනවිට Docteur Dassin generaliste (2004) Miles of a Dream (2013) iy Manu (2010) සඳහා ප‍්‍රසිද්ධ නළුවකු බවට පත්ව අවසානයි. එහි ශ‍්‍රී ලාංකිකයෙක් වුණු ඔහුව ශ‍්‍රී ලාංකික අපට මඟහැරිලා. එහෙම වුණේ කොහොම ද? ඔහු ලක්‍ෂාන් අබේනායක. කෑන්ස් සිනමා උළෙල ප‍්‍රංශ නළුවකු ලෙස නියෝජනය කරන ඒ ලාංකිකයාගේ හඬයි මේ.

 86-88 කාලයේ මෙරට තිබුණු භීෂණකාරී යුගය අතීතය දන්න හැමෝට ම මතක ඇති. ඒ කාලේදී යම් යම් දේශපාලන කණ්ඩායම් විසින් අපිව බලෙන්ම දේශපාලන ප‍්‍රවාහයට ඇද ගන්නවා. එතකොට අපි පාසල් ගියේ අන්තිමේ අවසානයේ සිද්ධ වුණේ ජීවිතය බේරා ගන්න රට අතහැරලා යන්න සිදු වෙච්ච එක. අපේ ගම් පළාත දකුණ. අන්තිමේ මම රට අතහැරලා යනවා.

අවුරුදු 18 ක් තිස්සේ ප‍්‍රංශ නළුවකු ලෙස ”කෑන්ස්” සිනමා  උළෙලට යන ලාංකිකයා



 මේ මොනවා වුණත් මගේ ඇෙ`ග් කලාව තිබුණා කියලා මම දැනගෙන හිටියා. ඒ අනුව මට හම්බ වුණ ප‍්‍රංශයේ ප‍්‍රකට මාලා නාටක නිෂ්පාදකයෙක්. ඔහුගේ නිර්මාණවල රංගනයට මට අවස්ථාව ලබා දෙනවා. හැබැයි ඉතිං එක පාරට ම මට ලොකු චරිත ර`ගපාන්න ලැබෙන්නේ නෑ. බොහොම පොඩි චරිත තමයි ලැබුණේ. ඒ ලැබෙන හැම චරිතයකට ම උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කළා. මම කවදාවත් ලංකාවේ හිටියා නම් ර`ගපාන්න හම්බ වෙන්නේ නැහැ. මගේ දක්‍ෂතාවයට ප‍්‍රංශයේදී අතිශය සාධාරණයක් ලැබුණයි කියලා මම කියන්නේ නැහැ. ඒත් මට ප‍්‍රංශයේ දී අවස්ථාවක් ලැබුණා. මම ඒ ලැබුණු අවස්ථාව ජයග‍්‍රහණයකට හරවා ගන්නට කටයුතු කළා.

 රංගනය ඇෙඟ් තිබුණත් හැදෑරීමක් නැතිව ක්‍ෂේත‍්‍රයට පය තබන්න කැමැති වුණේ නෑ. ඒ හින්දම තමයි මට රංගනයට කතා කළ නිෂ්පාදකවරයාට මම කියන්නේ මට රංගනය ඉගෙන ගන්න

 අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඒ අනුව තමයි මට ප‍්‍රංශයේ සිනමා පාසලකට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ. මාස අටක් පුරාවට මුළු දවස පුරා ම මම එහි ඉගෙන ගත්තා. සිනමා පාසලෙන් එළියට එනකොට මට ප‍්‍රංශ ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වෙන්න

 අවස්ථාව උදාවෙනවා. පසුකාලීනව මට ගොඩක් රටවලින් රංගනයට ආරාධනා ලැබෙනවා. මම කරපු ප‍්‍රබලම චරිතය විදිහට තායිලන්තයේ කරපු පොක් දී චිත‍්‍රපටය හඳුන්වන්න පුළුවන්. එහිදී ලෝක තායි කික් බොක්සිං ශූරතාව දිනූ ක‍්‍රීඩකයා සමගින් මට ර`ගපාන්න

 අවස්ථාව උදා වෙනවා. ඊට පස්සේ මට ස්පාඤ්ඤයට පවා යන්න අවස්ථාව උදා වෙනවා.

 විශේෂයෙන් ම කියන්න ඕනෑ ඩොක්ටර් ෂිවාගේ් ලෝරන්ස් ඔෆ්් ඇරබික් කියන චිත‍්‍රපටවල ර`ගපෑවා. ලෝක ප‍්‍රසිද්ධ නිළියක් රඟපෑවා ධමා ෂෙරිෆ් කියලා. ඇය ප‍්‍රංශයේ ජීවත්වුණේ. ඇයත් සමග මට ර`ගපාන්න අවස්ථාව උදාවුණා. සෙන් පීටර්ස් කියලා සිනමා නිර්මාණයක ඉතාලියේ තමයි නිෂ්පාදනය සිදු කළේ.

අවුරුදු 18 ක් තිස්සේ ප‍්‍රංශ නළුවකු ලෙස ”කෑන්ස්” සිනමා  උළෙලට යන ලාංකිකයා



 ඒ වගේම ප‍්‍රංශයේ ඉන්න ලෝක ප‍්‍රසිද්ධ නිළියක් වන ඉසබෙලා හෆර්ඞ් සමගත් මම ර`ගපෑවා. ඇය ඇමෙරිකානු සහ කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල්වලදී හොඳම නිළියවෙලා තිබෙනවා.

 සෙක්ස් වෙන් ලව් කියන චිත‍්‍රපටයේ රඟපෑ බෝස්ව අයින්ස් කිං කියන්නේ ප‍්‍රසිද්ධ නළුවෙක්. ඔහු වරක් ඔස්කාර් සම්මාන පවා ගත්තා. එයත් එක්කත් මට මෑන් ටු මෑන් කියලා චිත‍්‍රපටයක ර`ගපාන්න ලැබුණා.

 ලංකාවේ වගේ නෙමෙයි ජාත්‍යන්තර චිත‍්‍රපටවල ර`ගපාන කොට. අපිට වැඩ කරන්න වෙන්නේ ප‍්‍රසිද්ධ අධ්‍යක්‍ෂවරු සමගයි. ප‍්‍රංශයේ තියටර්වලට හිටපු ප‍්‍රසිද්ධ අධ්‍යක්‍ෂකවයකු වන ෂැගී දුරෙන්සේ සමගත් වැඩ කළා. ඔහුට ඉන්දු පීස් කියන චිත‍්‍රපටයට ඔස්කාර් සම්මාන පවා ලැබිලා තියෙනවා. මම ප‍්‍රංශයේ චිත‍්‍රපට දහඅටක විතර ර`ගපාල තියෙනවා. ටෙලිනාට්‍ය 30ක පමණ රඟපාලා තිබෙනවා. ඇත්තම කියනවා නම් මම ප‍්‍රංශයේ වෘත්තීය නළුවෙක්.

 මම කෑන්ස් සිනමා උළෙලට එක දිගට අවුරුදු 18ක 20ක විතර ඉඳලා සහභාගී වෙනවා. මම ඒ සහභාගි වෙන්නේ ප‍්‍රංශ නළුවෙක් විදිහට. මේ කතාව ලංකාවේ ඉන්න නිෂ්පාදකවරු අධ්‍යක්‍ෂකවරු පවා දන්නවා. විශේෂයෙන් අශෝක හඳගම, ප‍්‍රසන්න විතාන ගේ, විමුක්ති ජයසුන්දර, උදය ධර්මවර්ධන වගේ අයත් ඔය කතාව හොඳින් දන්නවා.

 කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ මට ගොඩක්ම හම්බවෙන නිළිය තමයි ඓශ්වර්යා රායි. එයත් එක්ක හරි හිතවත්. ඊට අමතරව අමිතාබ් භච්චන් ඓශ්වර්යා රායි මාව හඳුනනවා. මමත් එයාව හොඳට හඳුනනවා. අපි හැම අවුරුද්දකම මුණ ගැහෙන්නේ කෑන්ස් සිනමා උළෙලේදීය.

 අවුරුදු 32ක් මම ප‍්‍රංශයේ ජීවත් වෙනකොට ඔවුන් මාව දකින්නේ වෙන රටක කෙනෙක් විදිහට නෙමෙයි. මොකද ප‍්‍රංශය වගේ රටක ප‍්‍රංශකාරයෙක් වෙන්න හම සුදු වෙන්න වුවමනා නැහැ. ඒ වගේම මාව එහේ රාජකාරීමය වශයෙන් නිර්දේශවෙලා තියෙන්නේ ප‍්‍රංශ නළුවෙක් විදිහට. මගේ පැන්ෂන් එක පවා හැදිලා තියෙන්නේ ප‍්‍රංශ නළුවෙක් විදිහට. නමුත් මගේ තියෙන විශේෂත්වය වන්නේ නියම සිංහලයෙක් විදිහට පාස්පෝර්ට් එකේ තියෙන්නේ ලාංකික කියලා. ද්විත්ව පුරවැසි භාවයත් ප‍්‍රංශ පුරවැසි භාවයත් අරගෙන නැහැ. මගේ ජාතිකත්වය තියාගෙන ඉන්නවා කියන්නේ ලංකාව වෙනුවෙන් දෙන්න පුළුවන් සුළු තෑග්ගක්.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment