අවුරුදු 18 ට පිරුණු විගස තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දෙනවා

146

වයස අවුරුදු 18 පිරුණු විගස තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

වේත‍්‍රධාරී නරේන්‍ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (07 දා) පෙරවරු 10.00ට රැස්විණි.

නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27/2 යටතේ පක්‍ෂ නායකයන් විසින් විශේෂ ප‍්‍රශ්න යොමුකළ අතර ආණ්ඩු පක්‍ෂය විසින් ඒවාට පිළිතුරු සපයන ලදී.

අනතුරුව දිනට නියමිත වූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද විවාදයට ගැනිණි.

විවාදය ආරම්භ කරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා –

ඡන්ද හිමියන් සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ රටේ ඡන්ද හිමියන්ගේ ඡන්ද බලය වෙනුවෙනුයි. මේ සංශෝධන අනුව අවුරුද්දකට එක් වාරයක් පමණක් සීමා වී තිබෙන ඡන්ද ලියාපදිංචි කිරීමේ අයිතිය කල්ඇතුව ලියාපදිංචිය වෙනුවෙන් වයස අවුරුදු 18 පිරුණු වසර මුලදීම ලියාපදිංචි කිරීමේ අවස්ථාව සංශෝධනය කරනු ලබනවා. විශේෂයෙන් තරුණ පරම්පරාවට තම ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කිරීමට හැකි වෙනවා. ඒ වගේම මුළුමහත් ඡන්ද ක‍්‍රමයම මීටත් වඩා පහසු කිරීමට අපි මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡුා කරමින් සිටිනවා. ඒ වගේම ඡන්ද දත්ත පිළිබඳ ජනතාව දැනුවත් කිරීම් ද සිදුකරනවා.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-

ශ‍්‍රී ලංකාවේ වඩාත් විශාලතම සමාජ ආරක්‍ෂණ අරමුදල වනුයේ අර්ථසාධක අරමුදලයි. එය දැනට රුපියල් බිලියන 2814 ඉක්මවනවා. එහි ප‍්‍රතිලාභීන් මිලියන 2.6කට අධිකයි. ශ‍්‍රී ලංකාවේ අයකුට රැුකියාවෙන් ඉවත් වී විදේශගත වෙනවා නම් ඒ මුදල රැුගෙන යා හැකියි. නමුත් ඉන්දියාවේ සේවය කළ අයට වයස අවුරුදු 57 වෙනකම් අරගන යන්න බෑ. අපි ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් කළා. මේක අපට ඉතාම වැදගත් වෙනවා. අප ඉන්දියාව සමඟ කතාකළා. අපි මේ පනතෙත් සුළු සංශෝධනයක් කළා. මෙය සම්මත වූ පසුව විදේශ අමාත්‍යාංශයෙන් කටයුතු කරලා ශ‍්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර එය ක‍්‍රියාත්මක කිරීමට නෛතික බලය ලැබෙනවා. අනෙක් කරුණ තමයි යම් සේවකයකුට ඔහුගේ සේවක අර්ථසාධක අරමුදල ඇවිල්ලද කියලා මහ බැංකුවට ගිහින් අහන්න වෙනවා. නමුත් අපි දැන් ඩිජිටල්කරණය මගින් යම් සේවකයකුට එම අර්ථසාධක මුදල් තමාගේ ගිණුමට මාසිකව බැර වූ ගමන් ම එස්.එම්.එස්. එකක් ලැබෙන පරිදි කටයුතු කරන්න, ඒ වගේම සේවකයකු නව රැුකියාවකට ගිය විට මාසයක් ඇතුළත අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලියාපදිංචි කිරීමට ද කටයුතු කරනවා.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රාවුෆ් හකීම් (සජබ) –

වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයට සති දෙකක් ඇතුළත ඡන්ද නාමලේඛනයට ඇතුළත්වීමට අවස්ථාව ලැබීම හොඳයි. කල්තබා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට සාකච්ඡුා වෙනවා. වසර තුනකට වඩා කල්ගියා. ආණ්ඩුකාරවරු පාලනය කරන්නේ. කලින් පැවැත්වූ මැතිවරණ ක‍්‍රමය යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම අදහස් ඉදිරිපත් කර තිබුණා. විපක්‍ෂය ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට ප‍්‍රකාශ කළා. ඒ නිසා වහාම ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර

හාම්පුතුන්ගේ හොර මැරකම් නිසා සේවකයාට අරමුදල් ලැබීම ප‍්‍රමාද වෙනවා. ඒ නිසා අරමුදල් තොරතුරු දැනගැනීමට හැකිවීම ඉතා හොඳ දෙයක්. වතු සේවකයන්ගේ වැටුපේ පූර්ණ අගය පහළ ගිය නිසා ඔවුන්ගේ දෛනික වැටුප 1000ක් කරන්න හැකිවුනා. නමුත් සමහරු ගෙවීම් කිරීමට කොන්දේසි දාලා. අස්වැන්න උඩ ඉඳගෙන රුපියල් 1000 ගෙවීම ප‍්‍රතික්‍ෂේප කරලා.

රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සේනවිරත්න (ශ‍්‍රීලපොපෙ) –

රටේ විශාලතම අරමුදල වන අර්ථසාදක අරමුදල පිළිබඳව තාමත් සාමාජිකයන්ට ප‍්‍රශ්න තිබෙනවා. තමන්ගේ මාසික වාරිකය දැනගන්න අවස්ථාව පනත මගින් ලැබෙනවා. ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ශාඛා පවත්වාගෙන යන ආයතනවල සේවය කරන සේවකයන්ට අර්ථසාධක අරමුදල් ලබා ගැනීමේ ගැටලූ පවතිනවා. ඒවා විසඳිය යුතුයි.

විදේශ රැුකියාවල නිරතවන අය නිසා අපට වසරකට ඩොලර් බිලියන 10ක් විතර ලැබෙනවා. ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන අවධානය යොමු කළ යුතුයි. එහි සමහර නිලධාරීන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ගැටලූ ඇති වෙලා. කාර්යාංශයේ ලියාපදිංචි නොවී රට යෑමට හැකි ආකාරයන් ඔවුන් රහසිගතව ඇති කරලා. ඒ නිසා ආයතනයට මුදල් ලැබීම් අඩු වෙනවා. වතුකරයේ සේවකයන්ට දෛනිකව දීමනාව රුපියල් 1000 ගෙවීමට ලබාදිය යුතු දලූ කිලෝ ප‍්‍රමාණය වැඩි කරලා. මේ ගැන සාකච්ඡුා කර විසඳුමක් ඇති කළ යුතුයි. නැත්නම් වතුකරයේ ගැටුම් ඇති විය හැකියි. පොහොර ප‍්‍රශ්නය නිසා වතුකරයේ ගැටලූ ඇති වෙලා. ගොවිතැනට යොදා ගන්නා පොහොර තේවලට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා පොහොර පිළිබඳව තීරණයක් ගත යුතුයි.

පත් කළ මන්ති‍්‍රනී ආචාර්ය හරිනි අමරසූරිය (ජා. ජ. බ.)

සේවක අර්ථසාධක අරමුදලේ සංශෝධනය ගැන විරෝධයක් නැහැ. එය විය යුතු දෙයක්. අපේ ශ‍්‍රම බලකායෙන් භාගයකට සමාජ ආරක්ෂණ අරමුදලේ හෝ වෙනත් කිසිම අරමුදලක රැුකවරණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා සේවකයන්ට ප‍්‍රශ්න ඇති වෙලා. ඊ. පී. එෆ්. සඳහා මෑන් පවර් ඒජන්සි නීතියෙන් බැඳී සිටියත් ඒ සේවකයන්ට අවබෝධයක් නැහැ. කාන්තාවන්ගේ රැුකියා ක්‍ෂේත‍්‍රයට මෙය තදින් බලපා තිබෙනවා.

විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ

අර්ථසාධක අරමුදල අද මේ ලෙස විශාලව වැඩි වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති ලෙස ගත් නිවැරදි තීරණ නිසයි. ආයතන කිහිපයක යම් සේවකයකු සේවය කළේ නම් ඔහුව විශ‍්‍රාම යන විට හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ නිසා එකවර මුදල් ලබා

ගැනීමට පහසුකම් ඇති කළා.

අපේ රටේ තරුණයින්ට රැුකියා හිඟකමක් තිබෙනවා. ඔවුන්ට ජාත්‍යන්තරයට යන්න පහසුකම් ඇති කරන්න වැඩපිළිවෙළක් හදන්න. විශාල ඉල්ලූමක් පුහුණු ශ‍්‍රමිකයින්ට පවතිනවා.

පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා (සජබ)

අද මේ රටේ වෙළඳ මාෆියාවක් කි‍්‍රයාත්මකයි. වැඩ කරන ජනතාව භාණ්ඩ මිල ඉහළ යෑම නිසා දැඩි පීඩනයකට ලක් වෙලා. භාණ්ඩ රැුසක් හිඟයි. සංචාරක කර්මාන්තය කඩාවැටිලා. ඩොලර් හිඟය නිසා අපනයනකරුවන් අසීරුවට ලක්වෙලා. මේ ආණ්ඩුවෙන් මේ ප‍්‍රශ්නවලට විසඳුම් නෑ කියලා දැන් ජනතාව දන්නවා. අද තාරුණ්‍ය මෙරට අතහැර යන තත්ත්වයට පත්වෙලා. පාස්පෝට් ගන්න දිගු පෝලිම් ගැහිලා. රටට ඩොලර් එන්නේ වෙන රටක රැුකියා කරන අයගෙන් පමණයි. මේ රටේ කර්මාන්ත දියුණු කර තරුණයින්ට රැුකියා දෙන්න බැරි ඇයි.

පත් කළ මන්තී‍්‍ර ගෙවිඳු කුමාරතුංග (ශී‍්‍ර ල. පො. පෙ.)

පළාත් සභා ඡන්ද පැවැත්වීම ගැන සාකච්ඡුා යනවා. පසුගිය රජයේ නිල හා නොනිල පාර්ශ්වකරුවන් නිසා පළාත් සභා තියන්න බැරි තත්ත්වයට පත්කළා. පළාත් සභා ඡන්ද ක‍්‍රමය විකෘති කළා. පළාත් සභා ඡන්ද ක‍්‍රමය මෙන්ම සියලූ මැතිවරණ ක‍්‍රම ගැන අපගේ යුතුකම සංවිධානය ඇතුළු විවිධ සංවිධාන මැතිවරණ විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර තියෙනවා. අවම වශයෙන් මහජන නියෝජිතයින්ගෙන් සියයට 70ක් ඡන්දයෙන් බලයට ගෙන ආ යුතුයි. ජාතික ලැයිස්තුවට සියයට දහයක් හා හොඳම පරාජිතයන්ට සියයට 20ක් ලබාදීම තුළින් යම් නිවැරදි ක‍්‍රමයක් සකස් කර ගත හැකියි. අපට ජනවරමක් ලැබුණේ රටට හිතකර ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. ඒ හා බැඳුණු අලූත් ඡන්ද ක‍්‍රමයක් අවශ්‍යයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් (සජබ)

නිරුපමා රාජපක්ෂ මහත්මිය ගැන හෙළි වූ කරුණු මහින්ද රාජපක්ෂ යුගයට අයත් නැහැ කියලා කියන්න රජය උත්සාහ කරනවා. මේ ගිණුම්වලට ගිය සල්ලි කොහෙන්ද. චීන සමාගම්වලින් මුදල් ලැබී ඇති බව පේනවා. කළු සල්ලි ටික දැනටමත් මේ රටේ සුදු කරලා ඇති. කොමිටියක් දාලා පොඩි රංගනයක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. හිටපු අගමැතිතුමත් බැඳුම්කර මගඩිය කාලේ මේ වගේම කමිටු දාලා රැුවැට්ටුවා. ඒකයි පැරදුනේ. මැතිවරණ කල්දාන්නේ ආණ්ඩුවට ඇප නැති නිසා. අද 70-77 කාලේ වගේ පෝලිම් යුගයක් ඇති කරලා තියෙන්නේ. මාධ්‍ය පාලනය කරලා මර්දන ප‍්‍රතිපත්තියක් හදලා 77 දී සිරිමාවෝගේ ආණ්ඩුව ආසන 8ට බැස්සා. මේ ආණ්ඩුවටත් ඒකයි වෙන්නේ.

පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි (සජබ)

අද සංහිඳියාව හා ජාතික ආරක්ෂාව ගැන විශාල ප‍්‍රශ්නයක් මතුවෙලා. විදුලිය, ඛනිජ තෙල්, වරාය ඇතුළු ප‍්‍රධාන මර්මස්ථාන විදේශීයකරණය වෙමින් පවතිනවා.

අද මහමුහුදක් ඉන්දියාවට නතු වෙලා. අපේ ධීවරයින්ට පහරදීලා මාළු රැුගෙන යනවා. ධීවරයන්, ආරක්ෂක අංශ අසරණ වෙලා. පාස්කු ප‍්‍රහාරයේ ඇත්ත හෙළි නොකිරීම නිසා අද හැමෝම ඒ ගැන ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරනවා. පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුතු කවුරුන් හෝ ගලවා ගන්න හැදුවොත් එහි පාපය කාටත් වදිනවා. නැවත ප‍්‍රහාරයක් එල්ල වුවොත් ආණ්ඩුවත් ඥාණසාර හිමියනුත් වගකිව යුතුයි.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම (සජබ)

අද වනවිට රට ගැන හැඟීමක් සේවකයින්ට නැහැ. වෘත්තිකයෝ පොදි පිටින් රට හැර යනවා. ආණ්ඩුව ඩොලර් හිඟාකන නිසා පිටරට ඉන්න අය ඩොලර් ටිකවත් එවන්න කැමති නැහැ. එදා මහින්ද රාජපක්ෂ යුගයේදී සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කඩාගත්තා. අදත් ඒ බය ජනතාවට දැනිලා තිබෙනවා. ගී‍්‍රසියේ බැඳුම්කරයට අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 10ක් යෙදවුවා.

පත් කළ මන්තී‍්‍ර සාගර කාරියවසම් (ශී‍්‍රලපොපෙ)

වයස අවුරුදු 18 තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලැබෙන්නේ ඉල්ලා සිටියොත් පමණයි. එය නිතැතින්ම ලබාදිය යුතුයි. නිසි වයස එන විට ඡන්ද බලය හිමිවිය යුතුයි. අද රටේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියෙන් ඔබ්බට තල්ලූ කිරීමේ කි‍්‍රයාමාර්ගයක් කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. ඡන්ද ක‍්‍රමය එපා කරවන මතයන් සමාජය තුළ පැතිරවීමේ ප‍්‍රවණතාවක් කි‍්‍රයාත්මක වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ දෙනා මේ ගැන බැලිය යුතුයි. දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගන්න උත්සාහ කරන අය තමයි මේ වැරදි ක‍්‍රියාවල නිරතව සිටින්නේ. අපි තරුණ පරපුර නිසි දැනුවත් කිරීම අවශ්‍යයි. මේ සඳහා මැතිවරණ කොමිසම මූලිකවී ක‍්‍රියා කළ යුතුයි.

හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රී දිලීප් වෙදආරච්චි (සජබ) –

ගොවියාගේත් ධීවරයාගේත් විශ‍්‍රාම වැටුප ලබාදීමට පියවර ගන්න. මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලැබුණා. එහි ප‍්‍රතිඵලය රටේ ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ගොවීන්ගේ වගාව විනාශ වුණා. හේන් ගොවිතැන ඇතුළු හැම වගාවක්ම අද අඩපණ වෙලා. හම්බන්තොට විශේෂයි. හම්බන්තොට ඉඩම් කොල්ලයක් සිදුවෙනවා. තිස්සමහාරාමයේ ගොවීන් හත්දහසක් පමණ ඉඩම් කොල්ල කාලා පිට අයට වගාවන්ට දීමට. නිදන් හාරනවා. ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජගත් කුමාර (ශ‍්‍රීලංපොපෙ) විපක්ෂයේ අය මොන කතාව කළත් මැක්කාගේ කතාව වගේ. ආණ්ඩුවට දොස්කීම පමණයි කරන්නේ. ගේන පනත් ගැන කිසි දෙයක් යෝජනා කරන්නේ නැහැ. ජනාධිපතිතුමාට වසර 05 කට බලය දීලා තියෙන්නේ. ඒ කාලය තුළ අපි පොරොන්දුවූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනවා. 2015 දී රාජපක්ෂවරු ගැන බොරු චෝදනා කර බලයට ආවත් ඔවුන්ට කිසි දෙයක් කරගන්න බැරිවුණා. අදත් එදා වගේම බොරු ප‍්‍රචාර යවමින් ඉන්නවා.

කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා (සජබ) – අද වනවිටත් වතු කම්කරු ජනතාව සොච්චම් වැටුපක් තමයි ලබන්නේ. මේ රජය වතු දෛනික වැටුප 1000 ක් කළා. නමුත් එම වැටුප සම්බන්ධයෙන් වතු ජනතාවට නොයෙකුත් කොන්දේසි දාලා තිබෙනවා. ඒ වතු අධිකාරිවරුන් විසින් ඒ අය යම් ඉලක්කමක් දීලා දලූ කිලෝ මෙච්චර කඩන්න කියලා.

පත්කළ මන්ත‍්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා (ශ‍්‍රීලපොපෙ) –

ශ‍්‍රී ලංකාව තුළ තිබෙන ප‍්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා කටයුතු කරනවාට වඩා පක්ෂ වශයෙන්, ජාතීන්, ආගම් වශයෙන් බෙදී කටයුතු කරන බවට අපිට පේනවා. එය සුදුසු නෑ. අපට නව නැගීසිටීමක් අවශ්‍යයි. මෙය හොඳ අවස්ථාවක්. අනාගතයේදී ආණ්ඩු පක්ෂයට 148 ක මන්ත‍්‍රී සංඛ්‍යාවක් ලැබෙයිද කියන්න බැහැ. ඒ නිසා මෙයයි හොඳම අවස්ථාව යම් වෙනසක් සිදුකිරීමට. ඒ නිසා අපි සියලූ දෙනා සමඟ සාකච්ඡුා කළ යුතුයි. අපි දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡුා කළ යුතුයි කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඇතැමුන් එයට බය වුණත් එසේ විය යුතු නැහැ. ජනතා විරෝධී නොවිය යුතුයි. පටු වර්ගවාදී තීන්දු ගත්තොත් අපේ මවුබිම විනාශවේවි.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වේලූ කුමාර මහතා (සජබ) – අපි පනවන නීති කාටද කියලා බැලිය යුතුයි. මොකද රජයේ වැවිලි සමාගම් කිහිපයක්ම සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා සිටිනවා. ඒ නිසා වතු කම්කරුවන් අසරණ වෙලා. වැවිලි කර්මාන්තය තිබෙන ප‍්‍රධානම ආයතනය තමයි ජනතා වතු සංවර්ධන මණ්ඩලය. නමුත් ඒ මණ්ඩලය දැන් කෑලි කෑලිවලට කඩා තිබෙනවා. දැන් වතු සේවකයින් අවම වැටුප රුපියල් 1000 ක් ඉල්ලනකොට ඒ වතු හමුදා ආරක්ෂාව ඉල්ලනවා. මෙහෙම ගියොත් වතු කර්මාන්තය නැතිවෙයි.

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා –

අපි හමුදාව මැදිහත් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් (සජබ) – පැන්ඩෝරා පේපස්වලින් හෙළිදරව්වූ කරුණු ගැන පරීක්‍ෂණ පවත්වනවාද යන්න සැක සහිතයි. 19 වැනි සංශෝධනයෙන් අල්ලස් කොමිසම ඇතුළු ආයතනවලට ස්වාධීනව වැඩකරන්න බලය ලැබුණා. 20 න් එම ආයතනවල බලය ජනපතිට පැවරුනා. ඒ නිසා මේ පරීක්‍ෂණවල ස්වාධීනත්වයත් බලාපොරොත්තු විය හැකිද? පරීක්‍ෂණ පැවැත්වීමට අල්ලස් කොමිසම නොව ස්කොඞ්ලන්යාඞ් පරීක්‍ෂණයකට යා යුතුයි. තිරු නඬේසන්ගේ දේපල තියෙන්නේ රටවල් රැුසක. ඒ ගැන අල්ලස් කොමිසම පරීක්‍ෂණ පවත්වන්න බැහැ.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා –

අර්ථ සාධක අරමුදල වෙනුවෙන් සේවකයාට පොලියක් දෙනවා. ඉන්දියාවේ සේවය කරන අපේ සේවකයාගේ අරමුදල් ද මෙරටට ලබා ගැනීමට ගිවිසුම් ගත වීමට අවස්ථාව ලැබෙනවා. එය එම සේවකයාට සහනයක්

අද ජී. එස්. පී. ප්ල්ස් හෝ වෙන යම් සහන ලැබීමට නම් කම්කරු අයිතීන් පවතිනවාද වැඩ කළ හැකි පරිසරයක් තිබෙනවාද යන්න බලනවා. අද සංශෝධනය වන කරුණු ඊට ඉතා වැදගත්. වතුකරයේ දෛනික වැටුප රුපියල් 1000 ලබාදීමට ප‍්‍රධාන ගැටළුව වෘත්තීය සමිතිවල දුර්වලතාවන්. වෘත්තීය සමිති ශක්තිමත් වුණොත් පමණයි සේවක අයිතිවාසිකම් ලබාගත හැක්කේ. වෘත්තීය සමිති අතර කුලල් කා ගන්නවා. මගේ වැඩ කොටස මා සිදුකළා.

ගෘහ සේවයේ ඉන්න අය අර්ථ සාධක අරමුදලට අහුවෙන අය ලෙස පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. සමාජ ආරක්ෂණ අරමුදලක් හදලා හදිසි තත්ත්වයකදී රැුකියා අහිමිවන සේවකයන්ට මුදලක් ලබාදීමට අවශ්‍ය නීති ගෙන එනවා.

ඇ`ගලූම් ක්‍ෂේත‍්‍රයේ රැුකියා කරන අයගෙන් සියයට 99 ක්ම කාන්තාවන්. එහෙත් වෘත්තීය සමිතිවල ඉන්න පිරිමි පමණයි. එක කාන්තාවක්වත් වෘත්තීය සමිතිවල නැහැ. ඒ නිසා කාන්තාවන්ගේ හඬ ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි වෘත්තීය සමිති ආඥා පනතද සංශෝධනය කරන්න පියවර ගන්නවා. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතවත් සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතවත් සම්මත විය.

පාර්ලිමේන්තුව අද (08 දා) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment