අවුරුදු 18-19 සිසුන්ට එන්නත දීම 21 දා ඇරැඹෙයි

122

අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් සඳහා කොවිඞ් එන්නත් කිරීම මෙම මස 21 වැනිදා බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට ඊයේ (08 දා) රැස්වූ කොවිඞ් කමිටුව තීරණය කර ඇත.

එසේම දැනට ක‍්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා මෙම මස 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද කොවිඞ් කමිටුව තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව රැුස්විය.

පාසල් ළමුන්ට ඉගෙනුම ලබන පාසලේදීම එන්නත ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස මෙහිදී ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බවට ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරේ. මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 100%ක්, 30ට වැඩි ජනගහනයෙන් 98%ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරිණ. වයස් කාණ්ඩය 20 – 30 අතර එන්නත ලබා නොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජානනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබේ. දිවයිනේ සියලූ රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment