අවුරුදු 20න් පහළ හොකී තරගාවලිය හෙට සිට

79

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක 39 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි වයස අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය නොවැම්බර් මස 04, 05 සහ 06 යන දිනවල කොළඹ රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගනයේදී සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට සංවිධානය කර තිබේ.

අඟහරුවාදා දින (01) කොළඹ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කල් දමන්නට සැලසුම් කර තිබුණු මෙම තරඟාවලිය පසුව එම දිනවලදීම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීම උදෙසා කණ්ඩායම් 19 ක් ද බාලිකා ශූරතාව දිනා ගැනීම උදෙසා කණ්ඩායම් 17 ක් ද සහභාගී වීමට නියමිතය. මෙම තරඟාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.

සුපුරුදු පරිදි කලින් දින නියම කර තිබුණු නොවැම්බර් 04, 05, 06 සහ 07 යන දිනවල පැසිපන්දු තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටී.

මේ අතර වාරයේ පාපන්දු තරගාවලිය මෙන්ම වොලිබෝල් සහ එල්ලේ තරග සම්පූර්ණයෙන්ම කල් දමන්නට සංවිධායකයින් වන අධ්‍යාපන අමාත්‍යාංශය ට සිදු විය.’

මෙවර තරගාවලිය සඳහා භාවිතයට ගැනීමට සූදානම් කර තිබුණු ක්‍රීඩාංගන සියල්ලම ජලයෙන් පිරී යෑම එයට හේතු විය. කල් දමන්නට යෙදුණු වයස් සීමා පාපන්දු තරග පැවැත්වෙන දින වකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන ක්‍රීඩා අංශය පියවර ගෙන තිබේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment