අවුරුදු 3ක් තිස්සේ මිණිපිරියට අතවර කළ සීයා අත්අඩංගුවට

565

සිය එකොළොස් හැවිරිදි මිණිපිරියට අතවර කිරීමේ චෝදනාව මත ඇගේ සීයා (54) මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ 2019 සිටම සීයා විසින් ඇයට යම් බලපෑමක් සිදුකර ඇති බවය.

මෙම දැරිය සීයා, ආච්චී, මව සහ පියා සමග නිවසක පදිංචිව සිට ඇති අතර පසුගිය ජුනි මස සිට වෙනත් නිවසකට පැමිණ ඇත. සැකකාර සීයා එම නිවසටද පැමිණ දැරිය සමග සිට ඇති අතර පවුලේ අය මේ පිළිබඳ සැකයක් ඇති කරගෙන නැත. දැරිය යම් අස්වාභාවික හැසිරීම් පෙන්වීම නිසා මව විසින් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී සීයා විසින් කරනු ලැබූ අතවර ගැන මවට පවසා ඇත. පසුව පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල මත පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. දොළ පාරක් අසලදීද සැකකරු දැරියට අතවර කර ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී ඇත. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකොට ඇත. පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. නෙවිල් ප‍්‍රියන්ත මහතාගේ

උපදෙස් මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. මධුෂි, උ.පො.ප. පේ‍්‍රමරත්න යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment