අවුරුදු 40ක්ම ධීවර කටයුතු කළ වැවේ ගිලී ධීවරයෙක් මිය යයි

171


අවුරුදු හතළිහක්ම වැව් වල මසුන් මරා ජීවත් වූ වවුනියාවේ ධීවරයකු ඊයේ වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ ගිලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව ගල්නට්ටන්කුලම් ගම්මානයේ පදිංචි 61 හැවිරිදි සෙල්වරාසා ජයකුලරාසා නැමති අයෙකි.
ඔහු තවත් ධීවරයකු සමග ගොස් මසුන් මරමින් සිටියදී හදිසියේම ඔහු අතරුදහන් වී ඇත.පසුව මේ පිළිබදව ප්‍රදේශවාසීන්ට හා පොලීසියට දැණුම් දීමෙන් පසුව කණ්ඩායම් කීපයක් පැමිණ වැවේ කිමිදී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment