අවුරුදු 60 චක්‍රලේඛය බලාත්මකයි

283

අධිකරණ විනිසුරුවරුන් හැර විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලුම දෙනාට විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය බලාත්මක බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑම අවුරුදු 60 කිරීමත්, 65 කිරීමත් අයවැය ඉදිරිපත් කිරීමකදී සිදුකර තිබෙන බවත්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සේවයකට විශ්‍රාම යෑමේ වයස 60 ඉක්මවා යායුතු නම් එළැඹෙන අයවැයේදී එය ඉදිරිපත් කළ හැකි බවත් ලේකම්වරයා කීය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවකයකුට එසේ සිදුකළ යුතුනම් එම යෝජනාව සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් විය යුතු බව ද ලේකම්වරයා කීය.

දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනතක් මගින් අධිකරණ ක්‍ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාම යෑම 65, අභියාචනා 63, මහාධිකරණ 61 ලෙස සම්මත කර තිබෙන බවත් එම පිරිස් නොවන සියලුම රාජ්‍ය සේවයේ පිරිස් අවුරුදු 60 න් විශ්‍රාම යෑම සිදුවන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment