අවුලට මුල තෙල් තියෙන දින ගණන් කීමට යෑමයි – අගමැති

216

මේ වනවිට ගෙන්වා වරායේ නැංගුරම් ලා තිබෙන නෞකාවලින් තෙල් ගොඩබෑමට පමණක් තිබියදී තෙල් තියෙන්නේ තව දින මෙපමණටයි කියමින් දින පැවසීම ජනතාව කලබලයට පත්කරන්නට හේතුවූ බවත්, මේ දිනවල තෙල් අර්බුද ගැන කතා කළත් මවාගත් තත්ත්වයක් විනා එවැනි තෙල් අර්බුදයක් නොමැති බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා එ් බැව් පැවසුවේ මිලියන එකසිය තිස් තුනක වියදමකින් ඉදිකළ නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය සහිත ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද පැවසීය.

අවබෝධයක් සහිත පළපුරුදු දේශපාලනඥයන් තව දින 4කට නැත්තම් 5කට පමණයි ඉන්ධන තිබෙන්නේ කියමින් ජනතාව කලබලයට පත්කරවන්නේ නැහැ. අපි පැය විසිහතරකට පමණක් තෙල් පවතින යුග පසුකළා. එහෙම තියෙද්දිත් ජනතාව කලබලයට පත්වුණේ නැහැ. මේ රටේ සංවර්ධනයන් කරනකොට බණින්නේ විපක්‍ෂයයි.

කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර,  බිංගිරිය – සෝමසිරි එ්කනායක

advertistmentadvertistment
advertistmentadvertistment