අවු. 15 දැරියක් රවටා දොම්පේ අවන්හලකට ගෙන ගොස් අතවර කළ එක්දරු පියා රිමාන්ඩ්

820

කාමර පහසුකම් සැලසූ හෝටල් කළමනාකරුත් ඇතුළට

අවුරුදු 15 යි මාස 08 ක් වයසැති පාසල් දැරියක් රවටා දොම්පේ, තිත්තපත්තර ප්‍රදේශයේ අවන්හලකට රැගෙනවිත් බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් කළ බව කියන 44 හැවිරිදි එක්දරු පියෙකු දොම්පේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම මොහුට ඒ සදහා කාමර පහසුකම් ලබා දුන් බව කියන අවන්හලේ කළමනාකරු ද පොලිස් භාරයට ගැනිණි. පසුව දෙදෙනා පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඔවුන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ. අතවරයට ලක් වූ දැරිය ගම්පහ මහ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ. දැරිය හා සැකකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. දැරිය පාසල් යනවිට සැකකරු ඇයගෙන් දුරකථන අංකය ඉල්ලා තිබෙන අතර ඒ අවස්ථාවේ ඇයට දුරකථනයක් නැති බටට ඇය විසින් සැකකරුට පැවසීමෙන් පසුව සැකකරු විසින් ඇයට දුරකථනයක් ලබා දී ඇය මුළා කර ගෙන ඇතැයි ද කියති. සිද්ධිය පිළිබඳව දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්. විජේතිලක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.වී. සී.කේ. .කරුණාරත්න හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා නිරෝෂනී යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment