අවු: 5 ට අඩු දරුවන් 20%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – මහාචාර්ය තිස්ස විතාරණ

113

මෙරට පවුල්වලින් 65%ක් දරිද්‍රතාවයෙන් මිරිකෙද්දී

වෛද්‍ය පර්යේෂණායතනයේ සමීක්‍ෂණවලට අදාළව මෙරට පවුල්වලින් 65%කට වඩා දරිද්‍රතාවයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් බව වාර්තා කරන අතර, වයස අවුරුදු 05 ට අඩු ළමුන්ගෙන් 20% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඔවුන් එම තත්ත්වයෙන් මුදාගෙන පෝෂණය කිරීම සඳහා කිසිදු යෝජනාවක් 2023 අයවැයෙන් පෙනෙන්නට නැතැයි ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ලංකා සමසමාජ පක්‍ෂ මූලස්ථානයේ පෙරේදා (22 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අපට ලැබෙන තොරතුරු අනුව සමහර දෙමාපියන් එක් වේලක් ආහාර ගෙන දරුවන්ට ආහාර වේල් දෙකක් ලබාදෙන තත්ත්වයට පත්ව ඇතැයිද මහාචාර්ය විතාරණ මහතා සඳහන් කළේය. 2023 අයවැය යෝජනාවලිය අසාර්ථක එකක්. රටේ ආර්ථිකය තුළින් පැනනඟින ජනතාවගේ ප්‍රශ්න මොනවාද, ඒ ප්‍රශ්නවලට අයවැයෙන් මොන විසඳුම් ද ලැබෙන්න ඕනෑ කියලා රටට, ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. නමුත් එවැනි දෙයක් මෙම අයවැය තුළින් දැකිය නොහැකි බැව් පළකළ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දරු පරපුරට පෝෂ්‍යදායි ආහාරයක් තුළින් ඔවුන්ට ශක්තිමත් වෙන්න ක්‍රමයක් නෑ. දරන්න බැරි ලෙස අත්‍යවශ්‍යය භාණ්ඩ මිල ඉහළ ගිහින්. අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායි ආහාර විදියට වියළි ආහාර සතිපතා ලබාදිය යුතුයි.

නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයක්.

රෝහල්වල බෙහෙත් වර්ග නැහැ. වැඩි මිලට පිට ෆාමසිවලින් බෙහෙත් ගන්න ජනතාවට සිදුව තිබෙනවා.

බෙහෙත් මිල අහස උසට නැගලා. වෛද්‍ය රසායනාගර පරීක්‍ෂණ වැඩි මිල ගෙවා කරගන්න සිදුවෙලා. නමුත් මෙරට ධනපතියන්ගෙන්, සුඛෝපභෝගි ජීවිත ගතකරන්නන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් අයකරන්නේ 24%ක් 30%ක් වැනි බදු මුදලක් බවත්, මෙවර අයවැයෙන් යහපත සිදුව ඇත්තේ ඔවුන්ට පමණක් යැයි ද කීය.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment