අවු. 82 ආච්චි මුණුබුරාගෙන් දූෂණයට ලක්වෙලා

1328

ස්නායු ආබාධයකින් පෙළෙන මැදවච්චිය ප‍්‍රදේශයේ පදිංචි අසූ දෙහැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

දූෂණයට ලක්ව ප‍්‍රකාශයක් ලබාදීමට පවා නොහැකි තත්ත්වයේ පසුවෙමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන එම කාන්තාව සම්බන්ධයෙන් එම රෝහල් පොලිසිය මගින් කළ දැනුම් දීමකට අනුව මැදවච්චිය පොලිසිය අදාළ විමර්ශනය ආරම්භ කොට ඇත.

මේ අනුව තම සහෝදරයාගේ පුත‍්‍රයා විසින් ඉකුත් 09 වෙනි දින තම මව දූෂණය කරන්නට ඇති බවට සැකයක් පවතින බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයේදී වින්දිත කාන්තාවගේ දියණිය් මැදව්ච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් කළ ප‍්‍රශ්න කිරීමේදී පවසා ඇත.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment