අසංගට නැවතත්  බේස්බෝල් මුල් පුටුව

116

26 වන දින පැවති ශ්‍රී ලංකා බේස්බෝල් වාර්ෂික මහ සභා රැස්වීමේදී ප්‍රවීණ ක්‍රීඩා පරිපාලක අසංග සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපතිවරයා ලෙස පෙරේදා (26 දා) නිතරගයෙන් නැවතත් තේරීපත් විය. ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයකු වන අසංග සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති සහ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති, ආසියානු රග්බි සංගමයේ මහලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ලෙස විවිධ තනතුරු හොබවා ඇත.

 බේස්බෝල් සංගමයේ ලේකම්වරයා ලෙස සංඛ අබේවික්‍රම මහතා සහ භාණ්ඩාගාරික ලෙස අකිල ප්‍රේමතිලක යන මහත්වරුන්ද නිතරගයෙන් තේරීපත් විය.

 එයාර් කොමඩෝර් (විශ්‍රාමික) සුජීවන් සේනාරත්න, බි්‍රගේඩියර් අනිල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරි සහ මනෝජ් ප්‍රනාන්දු යන මහත්වරුන් උප සභාපතිවරු ලෙස නිතරගයෙන් තේරී පත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment