අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී දරුවාට කොරෝනා එන්නත ලබාදෙන්න

54

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා

දරුවන් සඳහා අවශ්‍ය එන්නත්කරණයට අඛණ්ඩව අවශ්‍ය තරම් එන්නත් ලැබෙන බැවින් තම දරුවන් ඒ සඳහා යොමුකර කොරෝනා වසංගතය තුරන් කිරීමට එක්වන්නැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා මහතා, සියලූ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

එම විශේෂඥ වෛද්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැත්වෙන එන්නත්කරණයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දරුවන්ට එන්නත්කරණයේ පළමු අදියර ලෙස වයස අවුරුදු දොළහත් දහනවයත් අතර ආබාධ සහිත දරුවන්ට සිදු කෙරෙන එන්නත්කරණය සියලූ‍ දිස්ත‍්‍රික්ක වල ප‍්‍රධාන රෝහල්වල මේ වන විට ආරම්භ වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

කුමන අසත්‍ය ප‍්‍රචාර ගෙන ගියද මෙම වසංගතයෙන් ජීවිත බේරා ගැනීමට ඇති එකම හැකියාව එන්නත්කරණය බැවින් ඊට අනුගත වන ලෙසත් ඒ මහතා කරුණු දක්වයි.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment