අසරණ දරු පවුලක් දින 03 ක් තිස්සේ බෝතලේගම මහමඟ නවාතැන්ගෙන

183

අසරණ පවුලක් වයවෘද්ධ මවකද සමඟ කොස්වත්ත පොලිස් වසමට අයත් බෝතලේගම මංසන්ධියේ මහමඟ නවාතැන්ගෙන තිබීම නිසා ගම්වාසීන් විසින් කොස්වත්ත පොලිසිය දැනුවත් කර තිබේ.

නිවසේ තිබූ බඩුබාහිරාදියද සමග මහමඟට වී ජනතාවගේ පිහිට පතමින් සිටින බී. නිලුකා මල්කාන්ති මහත්මියගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇය මෙසේ කීවාය.

‘‘මමත් මගේ සැමියාත්, සැමියාගේ ආච්චිත් අප තිදෙනා මේ දක්වා පදිංචිව සිටියේ මහරගම පිළිකා රෝහල අසල පුංචි කාමරයකයි. ඒකට මසකට රුපියල් 7500 ක් ගෙවන්න ඕන. මේ දිනවල කුසටවත් අහරක් නොමැති නිසා එම මුදල ගෙවාගන්න බැරිවුණා. නිවෙස හිමි කාන්තාව ඉකුත් 10 දා අපව එළවා දැම්මා. යන්න තැනක් නොමැති තැන බඩුබාහිරාදියද සමග නාත්තන්ඩිය දුම්රිය ස්ථානයට දුම්රියෙන් ආවා. සැමියගේ හිතවතෙක් බෝතලේගම ප‍්‍රදේශයේ ඉන්න බව කියා ති‍්‍රරෝදයකින් බෝතලේගම මංසන්ධියට ආවත් ඒ අයවත් හොයාගන්නා බැරිව අද අපි මහමඟට වැටිලා. සැමියා කීයක් හෝ හොයා ගන්න මහමඟ ඇවිදිනවා’’

කිරිමැටියාන – ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment