අසල්වාසි රටවල ස්ථාවරභාවය ඉහළින් අපේක්ෂා කරන බව ඉන්දීය යුධ හමුදාපති පවසයි

152

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ඉන්දීය යුද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමවූ අවස්ථාවේදී පැවසීය.
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සාකච්ඡුාව අරඹමින් සඳහන් කළේය.
යුද හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේ දී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ ජනාධිපතිවරයා, ඉන්දීය හමුදා පුහුණුවීම් මගින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප‍්‍රසාදය පළ කරනු ලැබීය.
දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රජයේ ආරක්ෂාව තහවුරු කරගැනීම, කඳු ආශ‍්‍රිත දුෂ්කර ප‍්‍රදේශවල දී හමුදා සුබසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන නිලයන් පිළිබඳ ජනාධිපතිවරයා ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතාගෙන් තොරතුරු විමසීය.
බලසේනාධිපතිවරයකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ‍්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment