අස්ථි බද්ධ සැත්කමට ආධාර කර රනුක පුතුට ජීවිතය දෙමු

50

කඹුරුගමුව, එපිටමුල්ල, කිරිපුසිගේවත්ත, ලිපිනයේ පදිංචි මාර/කඹුරුගමුව මහා විiාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු දොළහක් වයසැති දැනට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කේ. පී. ජී. රනුක නුවන්සර පුතණුවන් පිළිකා රෝගයෙන් පෙළෙන අතර දරුවාට වම් පාදයේ අස්ථි බද්ධ සැත්කමක් සිදු කළ යුතු බවට වෛiවරුන් නිර්දේශ කර ඇත.

මෙම ශල්‍යකර්මය ජයවර්ධනපුර රෝහලේ සිදු කරන අතර ඒ සඳහා ඉන්දියාවෙන් අස්ථි ගෙන්වීමට මෙන්ම එම ශල්‍ය කර්මය සඳහා රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලක් වැය වන බව වෛiවරුන් පවසා ඇත. ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන රනුකගේ දෙමාපියන්ට මෙතරම් විශාල මුදලක් එකවර සොයා ගැනීමට අපහසු කාර්යක් වී ඇත. මේ සඳහා ඔවුන් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්ෂා කරයි.

මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු ඇතොත් ලංකා බැංකුවේ වල්ගම ශාඛාවේ 89335205 දරන ගිණුම් අංක යටතේ දරුවාගේ මව වන වී. එන්. හේමමාලි නමින් ආරම්භ කර ඇති ගිණුමට මුදල් යොමු කරන ලෙස ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු – 0713037468 යන දුරකථන අංකයට අමතා ලබාගත හැකිය.

අස්ථි බද්ධ සැත්කමට ආධාර කර රනුක පුතුට ජීවිතය දෙමු
advertistmentadvertistment
advertistmentadvertistment