අස්වැන්නට මිලක් නැතිව කඳුළු බොන බකමූණේ ලොකු ලූනු ගොවියෝ… ණයතුරුස් ගෙවා ගන්නත් බෑ… රජය වහා මැදිහත් වී කිලෝවකට රු. 150ක් දෙන්න

181

ඇළහැර මහ ගොවි ජනපදයට අයත් බකමූණ ප‍්‍රදේශයේ ගොවි ජනතාව මෙවර යල කන්නයේ වගා කරන ලද ලොකු ලූනු වගාවේ අස්වනු මේ දිනවල නෙළමින් තිබෙන නමුත් ඒ සඳහා නිසි මිලක් නොලැබෙන බව ගොවීහු කියති.

අස්වැන්නට මිලක් නැතිව කඳුළු බොන බකමූණේ ලොකු ලූනු ගොවියෝ... ණයතුරුස් ගෙවා ගන්නත් බෑ... රජය වහා මැදිහත් වී කිලෝවකට රු. 150ක් දෙන්න

මාස් කන්නයට පොහොර නැතිව වගා කළ නොහැකි බව පවසමින් බකමූණ මහසෙන් ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් ලොකු ලූනු වගා කළ කුඹුරුයායකදී (23) දහවල් විරෝධතාවක නිරත වූහ. විරෝධතාකරුවන් පවසන්නේ යල කන්නයේ ලොකු ලූනු වගාව කාබනික පොහොර යොදා කළත් අස්වනු නොලැබීම නිසා තමන් කබලෙන් ළිපට වැටුණු බවයි. වී වගාව සඳහා අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් සාධාරණ මිලක් වීවලට ලබා දෙන ලෙසත් ඔවුහු බලකළහ. ‘බඩු මිල වැඩියි වී මිල රුපියල් 70 කරනු, පොහොර නැතිව වල් වවන්න වතුර එපා, මාස හයක් ජීවත් වීමට ගොවියාට රුපියල් 15000යි, කාබනික පොහොර දාලා අපේ ලූනු වගාවේ අස්වනු පාලූයි. වී වැපිරීමට රුපියල් 10,000යි – ගොයම් කැපීමට 10000යි, ජනපතිදුනි දැන්වත් ගොවියාගේ දිවි රැුක දෙන්න’ ආදී සටන් පාඨ ලියූ පුවරු ප‍්‍රදර්ශනය කරමින් මෙවර ලොකු ලූනු වගා කළ ගොවි බිමක අස්වනු නැති බව පෙන්වා දුන් ගොවීන් පවසන්නේ ලොකු ලූනු වගාව මෙන්ම මාස් කන්නයේ වී වගාවට ද කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්නක් නොලැබෙන බවයි. දැනට වෙළෙඳුන් විසින් තම ලූනු අස්වනු මිලදී ගනු ලබන්නේ කිලෝවක් රුපියල් 80,90,100 වැනි මිල ගණන්වලට බවද ඔවුහු කියා සිටියහ. රජය ලූනු සඳහා ආනයනික බද්ද පැනැවීමට ප‍්‍රමාද වූ බවත් එම බද්ද පැනවීමට පෙර මෙරටට ගෙන්වන ලද ලොකු ලූනු තොග විශාල වශයෙන් රට තුළ තිබෙන නිසා දේශීය ලූනුවලට ඉහළ මිලක් නොලැබෙන බවද එම ගොවීහු පෙන්වා දෙති.

අස්වැන්නට මිලක් නැතිව කඳුළු බොන බකමූණේ ලොකු ලූනු ගොවියෝ... ණයතුරුස් ගෙවා ගන්නත් බෑ... රජය වහා මැදිහත් වී කිලෝවකට රු. 150ක් දෙන්න

ලොකු ලූනු වගාවේදී බීජ සඳහා ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම, රසායනික පොහොර කෘෂි රසායන ආදිය මෙවර පවතින මිලට වඩා දෙගුණයක් පමණ ගෙවා මිලදී ගැනීමට සිදුවීම ආදී හේතු නිසා නිෂ්පාදන වියදම වෙනත් කන්නවලට වඩා බෙහෙවින් වැඩිවූ බවද ගොවීහු පවසති.

එම නිසා අඩුම තරමින් තම ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක් නොලැබුණහොත් වගා කිරීම සඳහා ලබාගත් ණය තුරුස්වත් ගෙවා ගැනීමට නොහැකිවනු ඇතැයි එම ගොවි ජනතාව හැඬූ කඳුළින් යුතුව කියා සිටියහ. එම නිසා රජය නොපමාව මැදිහත්වී තම අස්වනු නිසි මිලකට විකුණා ගැනීම සඳහා වැඩපිළිවෙළක් යෙදිය යුතු යැයිද ගොවි ජනතාව ඉල්ලා සිටිති.

බකමූණ, ගෙඟ්යාය, නිකපිටිය, බටුහේන, ජයසිරිපුර, සරුබිම, දියබෙදුම, ඉහකුළුවැව ආදී ප‍්‍රදේශවල මෙවර යල කන්නයේ අක්කර 850ක පමණ ප‍්‍රමාණයක ලොකු ලූනු වගා කර ඇති බව පෙන්වා දෙන එම ගොවි ජනතව මේ වනවිට සියයට 70ක් පමණ ප‍්‍රමාණයක ලූනු අස්වනු නෙළා අවසන් වෙමින් තිබෙන බවද කීහ.

කරුණාරත්න ගමගේ, අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment