අස්වැන්න 70%කින් අඩු නිසා වියදමවත් නැතිලූ

280

වී ගොවියෝ ගොවිතැනෙන් ඉවත් වෙන හැඩක්

අක්කර 600කින් පමණ සමන්විත පහළ මත්තල හා ගල්වැව කුඹුරු යායේ මාස් කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති අතර වෙන කන්නවලට වඩා අස්වැන්න 70%ක් මෙවර පහත වැටී ඇතැයි ගොවියෝ හ`ඩා වැටෙති.

ගොවීන් පවසන්නේ අක්කර දෙකක් අස්වැද්දීම සඳහා දෙලක්ෂ විසි දහසක පමණ මුදලක් වියදම් කළ බවත්, එම වියදම් වූ මුදලවත් මෙවර අස්වැන්නෙන් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්ය.

මීට පෙර සෑම කන්නයකම අක්කර දෙකකින් වී මලූ (කිලෝ 50* 110ත් 120ත් අතර ප‍්‍රමාණයක් ලබා ගත් නමුත් මෙවර කාබනික පොහෝර හා නැනෝ නයිට‍්‍රජන් යොදා වගා කළ අක්කර දෙකකින් ලැබී ඇත්තේ වී මලූ 35ක් හෝ 40ක් පමණි. හතරෙන් පන්ගුවට කුඹුරු වගා කළ ගොවියාට බදු වී කොටස දුන් පසු හාල් ටික කඩෙන් ගෙනත් කෑමට සිදුව තිබේ. ගොවීන්ට අක්කර දෙකක භූමිය අස්වැද්දීම සඳහා වැය වූ මුදලවත් මෙවර වී අස්වනු විකිණීම් තුළින් ලැබී නොමැත. ඒ නිසා මේ විදියට ගොවිතැන් කිරීමෙන් කිසිදු පලක් නොවන බවත්, ඒ නිසා රජය විසින් ගොවියා සඳහා යම් සහනදායී වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන තෙක් ලබන කන්නයේ සිට තමන් වී ගොවිතැනෙන් ඉවත් වෙන බව පහළ මත්තල හා ගල්වැව ගොවියෝ පවසති.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment