අස්වෙයල්ලා….. පවුල් පිටින් මරණවා: මැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට තර්ජන!

497

පොලිස් ආරක්‍ෂකව දෙයි…. දුරකථන ඔස්සේ සී.අයි.ඩී. විමර්ශන ඇරැඹෙයි
අපි අරගලයේ සංවිධානයෙන් කියා කෝල් කර කිව්වා – කේ. පී. පී. පතිරණ

මැතිවණ කොමිසමෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළොත් පවුල්පිටින් විනාශ කරන බව කියමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට පෙරේදා (18 දා) සවස නාඳුනන පුද්ගලයකු විසින් එල්ලකරන ලද තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ තර්ජන එල්ල වී ඇත්තේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ සහ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එස්. බී. දිවාරත්න යන මහත්වරුන්ටය. තර්ජන එල්ලවූ සාමාජිකයන් දෙදෙනාට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ඊයේ සිට ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කේ. පී. පී. පතිරණ මහතා කොම්පක්‍ද්ක්‍දවීදිය පොලිසියටත්, එස්. බී. දිවාරත්න මහතා කඩවත පොලිසියටත් පැමිණිලි කර ඇත.

නාඳුනන පුද්ගලයකු විසින් පෙරේදා සවස 3.00 ට පමණ කේ. පී. පී. පතිරණ මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී මෙම තර්ජනය කර තිබේ.

එම තර්ජනයෙන් සුළු මොහොතකට පසු එස්. බී. දිවාරත්න මහතාගේ ජංගම දුරකථනයට පෙර දුරකථන අංකය සහිත දුරකථනයෙන්ම ඇමතුම් ලබාගෙන තර්ජනය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් “දිවයින” කළ විමසීමකදී කේ. පී. පී. පතිරණ මහතා මෙසේ කියා සිටියේය.

මැතිවරණ කොමිසමේ රාජකාරි නිමකරලා පෙරේදා සවස මම කොම්පක්‍ද්ක්‍දවීදියේ පිහිටි නිවසට පැමිණියා. ඒ වනවිට සවස 3.00ට විතර ඇති.

මගේ ජංගම දුරකථනයට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබුණා.

කථාකරපු කෙනා මගෙන් ඇහුවා තමුන් ඉලෙක්ෂන් කොමිසමේ කේ. පී. පී. පතිරණද කියලා මං ඔව් කිව්වා.

ඊට පස්සේ ඒ පුද්ගලයා මට කිව්වා ගෝඨාභය රනිල් රට කෑවා අපි කථා කරන්නෙ අරගලයේ සංවිධානයෙන් කියලා. ඉලෙක්ෂන් තියන්න බැහැ තමුන් ඉලෙක්ෂන් කොමිසමෙන් අයින් වෙන්න ඕනෙ කියලා තර්ජනය කළා. එහෙම නොකළොත් තමුන්වත් පවුලේ සාමාජිකයනුත් විනාශ කරනවා කියලා තර්ජනය කළා.

මට මේ තර්ජනය කරලා සුළු මොහොතකට පස්සේ දිවාරත්න මහත්මයාටත් මේ දුරකථනයෙන්ම කථා කරලා මට වගේම තර්ජනයක් කළා කියලා දැනගන්න ලැබුණා යැයි පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නාඳුනන පුද්ගලයන් දුරකථනනේ එල්ලකරණ තර්ජනවලට තමන් බිය නොවන බවත් මැතිවරණ කොමිසමේ කටයුතු ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කඩවත සහ කොම්පක්‍ද්ක්‍දවීදිය පොලිස් ස්ථාන විමර්ශන අරම්භ කර ඇත. මෙම ඇමතුම් ලබාදුන් දුරකථන අංකය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා හඳුනාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment