අසාත්මිකතා ඇතිවීම

885

අසාත්මිකතා ඇති  පුද්ගලයින් කොවිඞ්  එන්නත ගැනීමට බියක්  දක්වයි. එන්නත නිසා  අසාත්මිකතා ඇතිවේයැයි කියා බියක් මතුවීම ඊට හේතුවය. එන්නත් වර්ග සෑදීමේදී ඒ සඳහා විවිධ  රසායන ද්‍රව්‍ය භාවිතා කරනු ලබයි. මෙලෙස භාවිතා කරන ඇතැම් ද්‍රව්‍ය අසාත්මිකවිය හැකිය. එනිසා මෙවැනි අසාත්මිකතා ඇති අය එන්නත ලබාගැනීමට පෙර තමාට ඇති අසාත්මිකතාවයන් ගැන එන්නත් මධ්‍යස්ථානයේදී  වෛද්‍යවරයාට පැවසිය  යුතුය.

 මට සැර ආහාර කන්න බැහැ. ඇෙ`ග් පලූ දානවා. මට සමහර බෙහෙත් බොන්න බැහැ. හුස්ම ගන්න අමාරු වෙනවා. මෙලෙස ඇතැම් දෙනා පවසනු අපි බොහෝ විට අසා ඇත්තෙමු. ඇත්තටම ඔවුන් මෙලෙස පවසන්නේ සිරුරේ පවතින අසාත්මිකතාවයක් ගැනය. ඇතැම් ආහාරපාන ගත්විට හෝ ඖෂධ ගත්විට මෙලෙස සමහර පුද්ගලයින්ගේ සිරුරේ පලූ දැමීම, කැසීමක් ඇතිවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ. මෙවැනි අසාත්මිකතා තත්ත්වයකදී ඇතැම් දෙනා පවසන්නේ එය ආහාර හෝ ඖෂධ විෂවීමක් ලෙසය.

 මෙවැනි අසාත්මිකතාවයන් නිසා වර්තමානයේ කොවිඞ් රෝගය පාලනය සඳහා ලබාදෙන එන්නත ගැනීමටද ඔවුන් කිසියම් බියකින් පසුවේ. ඊට හේතුවී ඇත්තේ එම එන්නතද තමුනට අසාත්මිකවේ යැයි යන බියක් හටගෙන තිබීමය. එබැවින් අසාත්මිකතාවයක් ඇතිවීමට බලපාන හේතු සහ අසාත්මිකතා ඇති අය කොවිඞ් එන්නත ලබාගන්නා ආකාරය ගැන විමසා බලමු.

 අසාත්මිකතාවය (ALLERGY)

 අසාත්මිකතාවයක් ලෙස පවසන්නේ අප ජීවත්වන පරිසරයේ ඇති සිරුරට එතරම් ගැටලූවක් ඇතිනොවන බාහිර දෙයක් සිරුරට එක්වූ විට ඊට එරෙහිව සිරුරින් ඇතිවන අසාමාන්‍ය ප‍්‍රතික‍්‍රියාවටය. සාමාන්‍යයෙන් අපගේ සිරුරට පරිසරයේ ඇති ආගන්තුක දේවල් පැමිණෙන විට සිරුර ඒ සඳහා යම් ප‍්‍රතිචාරයක් දක්වයි. එය සාමාන්‍ය ක‍්‍රියාවලියකි. නමුත් ඇතැම් පුද්ගලයින්ගේ සිරුර තුළින් ඒ සඳහා දක්වන ප‍්‍රතිචාරය අධික‍්‍රියාකාරීව අසාමාන්‍ය අයුරින් සිදුවේ. එවිට එම ප‍්‍රතිචාරය නිසා එම පුද්ගලයිනට ඉන් අපහසුතාවයක් ඇතිවේ.

 මෙලෙස ඇතිවන අසාමාන්‍ය ප‍්‍රතිචාරය නිසා ඇඟ කැසීම, පලූදැමීම, ඇස් රතුවීම, හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවීම වැනි අපහසුතා බහුලව දැකිය හැකිය. මෙවැනි අසාත්මිකතා ඇති අය පවසන්නේ කූඹියෙක්් දෂ්ඨ කළ විට ද සම මත විශාලව පලූ හටගන්නා බවය. කිසියම් ආහාරයක් ගත්විට පලූ දැමීම හෝ ඇඟ කැසීමකට ලක්වන බවය. ඇතැම් ඖෂධ ගත්විට ද මෙවැනි ඇඟ කැසීම් හෝ පලූ දැමීම් පමණක් නොව ඇතැම් විට හුස්ම ගැනීමේ අපහසුතාද මතුවන බව පවසති.

 මෙලෙස ඇතිවන අසාත්මිකතාවයනට බලපාන හේතුව කුමක්දැයි කියා නිශ්චිතවම කිව නොහැකිය. ඇතැම්විට ඔවුනගේ ජානවල බලපෑමක් නිසා මෙම අසාත්මිකතාවය මතුවී තිබිය හැකිය. එසේම තම දෙමාපියන්ට කිසියම් අසාත්මිකතාවයක් ඇත්නම් එය දරුවන්ට මතුවීමට ඇති අවස්ථාව වැඩිය. උදාහරණ ලෙස පීනස, ඇඳුම, ආතරයිටීස් වැනි රෝග දෙමාපියන්ගෙන් දරුවන්ට මතුවීම බහුලව දැකිය හැකිය. මෙම රෝග මවට හෝ පියාට ඇත්නම් දරුවන්ට මතුවීමට ඇති ඉඩකඩ සියයට 30ක් පමණවේ. මවට සහ පියාට යන දෙදෙනාටම ඇත්නම් දරුවන්ට ඇතිවීමට පවතින ඉඩකඩ සියයට 60ක් පමණවේ.

 බහුලව දැකිය හැකි අසාත්මිකතා රෝග

 බහුලවම අපට මතුවන අසාත්මිකතාවක් වන්නේ පීනස රෝගයයි. එහිදී දුහුවිලි හෝ සීතල සුළ`ගට නිරාවරණය වූවිට අධිකව සෙම සොටු ගැලීම, කිවිසුම් යාම ආදිය සිදුවේ. ඇඳුම රෝගයද අසාත්මිකතා රෝගයකි. එහිදී ද සීතල සුළඟට හෝ දුහුවිල්ලට නිරාවරණයවූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙමින් රෝගය උත්සන්නවේ. යටිපතුල් පැලීම හෙවත් රක්තවාතවේදයද අසාත්මිකතා රෝගයකි. අන්නාසි, අච්චාරු වර්ග හෝ ඇතැම් ඇඹුල් ආහාර වර්ග ගත්විට හෝ ඉස්සන්, කකුලූවන් වැනි ආහාර ගත්විට ඇ`ග කැසීම හෝ පලූ දැමීමද අසාත්මිකතා රෝගයකි. සමහර පුද්ගලයිනට පෙනිසිලින් වැනි ඖෂධ එන්නත් කළ විට ද අසාත්මිකතා මතුවේ.

 ඇතැම් අසාත්මිකතා නිසා බරපතළ අපහසුතා මතුවේ. එනම් හුස්ම ගැනීමේ අපහසුතා හෝ කම්පන තත්ත්වයන්  (Anaphylactic shock)  පවා හටගනී. මේවා දරුණු ගණයේ අසාත්මිකතාවයන්ය. මෙවැනි අසාත්මිකතාවයකදී සිදුවන්නේ එකවරම සිරුරේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියනට රුධිර ගමනාගමනය ඇනහිටීමය.

 අසාත්මිකතා වර්ධනයවීම

 අසාත්මිකතා බහුලව දැකිය හැකි වයස් සීමාවන් වන්නේ ළමාවියේදී සහ වයස්ගත වූ විටදීය. තරුණවියේදී අසාත්මිකතා මතුවන අවස්ථා අඩුය. එසේම කිසියම් අසාත්මිකතාවයකට පළමු අවස්ථාවේදී මුහුණදුන් විට ඒ සම්බන්ධව සිරුරින් ඇතිවන ප‍්‍රතික‍්‍රියාව ඉතා සුළුවෙන් සිදුවිය හැකිය. එනිසා ඇතිවන අපහසුතාවය ඉතා සුළු ලෙස සිදුවිය හැකිය. නමුත් එම අසාත්මිකතාවයට නැවත නැවතත් මුහුණදෙන විට ඇතිවන අපහසුතාවය වැඩිවේ. ඊට බලපාන්නේ එම ආගන්තුක ද්‍රව්‍යයට එරෙහිව සිරුරින් දක්වන ප‍්‍රතික‍්‍රියාව වර්ධනය වී තිබීමය. එනිසා කිසියම් දෙයකට පළමු අවස්ථාවේදී මතුවන අසාත්මිකතාවය ඉන්පසු මුහුණදෙන විට දරුණු ලෙස එය මතුවූවා යැයි අප පවසන්නේ එබැවිණි.

 අසාත්මිකතා සඳහා ප‍්‍රතිකාර

 ප‍්‍රධාන වශයෙන්ම කළ යුත්තේ අසාත්මිකතාව ඇතිවන ආගන්තුක ද්‍රව්‍ය සිරුරට ඇතුළුවීමට ඇති අවස්ථා සීමා කරගැනීමය. තමාට කිසියම් ආහාරයක් ගත්විට අසාත්මිකතාවයක් ඇතිවේ නම් එවැනි ආහාර ගැනීම සීමා කළ යුතුය. එසේම ඇතැම් අසාත්මිකතා පාලනය සඳහා දිගුකාලීනව ප‍්‍රතිකාර ගත යුතුවේ. ඇඳුම, ආතරයිටීස්, රක්තවාතවේදය වැනි අසාත්මිකතා රෝග සඳහා මෙලෙස නිසි වෛද්‍ය උපදෙස් මත ප‍්‍රතිකාර ගැනීමෙන් මතුවන අපහසුතා පාලනය කරගත හැකිය. එසේම ඇතැම් අසාත්මිකතා රෝග සඳහා බලපා ඇති හේතුව නිසි වෛද්‍ය පරීක්ෂණවලින් පසු හඳුනාගෙන එම හේතු පාලනය සඳහා ඖෂධ ලබාදීමද සිදු කරයි.

 අසාත්මිකතා ඇති අයට කොවිඞ් එන්නත ලබාගත හැකිය

 වර්තමානයේ මතුව ඇති කොවිඞ් රෝගය පාලනය සඳහා ලබාදෙන එන්නත් වර්ග ගැනීම මගින් මෙම රෝගය ඇතිවූ විට මතුවන අපහසුතා අවම කරගැනීමට හැකියාවක් පවතී. එනිසා එම එන්නත ගැනීම වැදගත්ය. නමුත් අසාත්මිකතා ඇති පුද්ගලයින් මෙම එන්නත ගැනීමට බියක් දක්වයි. එන්නත නිසා අසාත්මිකතා ඇතිවේයැයි කියා බියක් මතුවීම ඊට හේතුවය. එන්නත් වර්ග සෑදීමේදී ඒ සඳහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කරනු ලබයි. මෙලෙස භාවිතා කරන ඇතැම් ද්‍රව්‍ය අසාත්මිකවිය හැකිය. එනිසා මෙවැනි අසාත්මිකතා ඇති අය එන්නත ලබාගැනීමට පෙර තමාට ඇති අසාත්මිකතාවයන් ගැන එන්නත් මධ්‍යස්ථානයේදී වෛද්‍යවරයාට පැවසිය යුතුය. එසේම බරපතළ අසාත්මිකතාවයක් ඇති අය මෙම එන්නත රෝහලක් වෙත ගොස් ලබාගැනීම සුදුසුය. එවිට එන්නත ගැනීම නිසා යම් අසාත්මිකතාවයක් ඇතිවුවහොත් ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදීමට රෝහල්හි පහසුකම් පවතින නිසා අනතුරක් ඇතිවීමට ඇති ඉඩකඩ මගහරවා ගත හැකිය.

 අසාත්මිකතා නිසා වෙනත් රෝග ඇතිවීම

 පීනස, ඇඳුම වැනි දිගු කාලයක් පවතින අසාත්මිකතා රෝග නිසා හෝ කිසියම් ආහාරයක් ගැනීම නිසා මතුවන අසාත්මිකතාවයන් නිසා සිරුර දුර්වලවේයැයි කියා හෝ සිරුරේ වර්ධනය බාලවේයැයි කියා බියක් ඇතැම් පුද්ගලයින් තුළ පවතී. එසේම හෘදයාබාධ හෝ අධි රුධිර පීඩනය වැනි රෝග මතුවේ යැයි කියා බියක්ද පවතී. නමුත් අසාත්මිකතා නිසා මෙවැනි රෝග ඇතිවීමක් හෝ සිරුර දුර්වලවීමක් සිදු නොවේ.

අසාත්මිකතා ඇතිවීම

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment