අසාද් සාලිගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

166

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් පෞද්ගලික හේතුවක් නිසා තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා විවෘත අධිකරණය හමුවේ ඊයේ (10 දා* ප‍්‍රකාශ කළේය.

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමා නිදහස් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා ඒ. එච්. එම්. ඞී. නවාස් යන විනිසුරු ම`ඩුල්ල ඉදිරියේ ඊයේ කැ`දවනු ලැබීය.

 පෙත්සම්කරුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ වනවිටත් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇතැයි පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී කරුණු දැක්වූ අතර එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වැනිදා කැඳවීමට විනිසුරු ම`ඩුල්ල නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායන

advertistmentadvertistment
advertistmentadvertistment