අසාද් සාලිට අධිචෝදනා භාර දෙයි

174

පසුගිය මාර්තු 9 වැනිදා මාධ්‍ය හමුවේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී ඊයේ (25 දා) අධිචෝදනා භාරදීම සිදු කළේය.

එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන 02 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදින පෙනී සිටින ලෙස දන්වා මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු සාක්‍ෂිකරුවන් පිරිසකට සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ඉදිරිපත් කොට ඇති අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශය අඩංගු සී ඞී පට ඇතුළු නඩු භාණ්ඩ එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට විනිසුරුවරයා එහිදී නියෝග කළේය. එම සීඞී පට අධිකරණය හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය උපකරණ සැපයීමට පියවර ගන්නා ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී මහාධිකරණ ලේකඛාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය මාර්තු 9 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අපට ඕන අපේ නීතියයි. කුරාණයට ෂරියා නීතියට අපි ගරු කරනවා මිසක් රටේ නීතිය අපි සලකන්නේ නෑ. අපේ නීතිය අපිට රටේ නීතිය ඒ අයට යනාදී ලෙස ප‍්‍රකාශ කිරීම මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වැරදි සිදුකර ඇතැයි නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා න`ගා තිබිණි.

සිය සේවාදායකයා විසින් එකී මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වූ බව හා එකී ප‍්‍රකාශ සිදුකළ බව පිළිගන්නා බවත් ඔහු කළ ප‍්‍රකාශ විකෘති කොට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට මාස හයහමාරකට අධික කාලයක් මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සහ රැඳවුම් නියෝග මත සිටීමට සිදුවී ඇති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පෙර දිනයේදී අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව විත්තිකාර අසාද් සාලි මහතාව ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි. එම විත්තිකරු රෝද පටුවක වාඩිකර අධිකරණයට ඉදිරිපත් කොට තිබීම විශේෂත්වයක් වූ අතර නඩු කටයුත්ත ආරම්භ කළ අවස්ථාවේදී විත්තිකරු වාඩිවී ිසිටි රෝද පුටුවෙන් නැ`ගිට අත ඔසවා ප‍්‍රකාශයක් සිදුකිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම අවසරය ලැබීමෙන් පසුව රෝද පුටුවෙන් නැ`ගිට සිට අධිකරණය ඇමතූ ඔහු තමන්ව අසාධාරණ අයුරින් අත්අඩංගුවට ගෙන මාස හතක් ර`දවාගෙන සිටින බව අධිකරණයට පෙන්වා දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙය විය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment