අසාද් සාලිට එරෙහිව අධි චෝදනා දෙයි

215

ආගමික එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.
එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවකින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකරුට භාරදීම සිදුකළේය.
අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස 2 වනදා සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment