අසාද් සාලිට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය ඇරඹෙයි

237

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිරයා විසින් ගොනුකර තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (2 දා* කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී ආරම්භ කෙරිණි.

එහිදී ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මොහොමඞ් මුසම්මිල් හා නිමල් පියතිස්ස යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදුන්හ.

2021 මාර්තු 9 වැනිදා පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අසාද් සාලි මහතා විසින් විනාඩි 47 ක කාලයක් සිදුකර තිබූ ප‍්‍රකාශය සම්පූර්ණයෙන් විවෘත අධිකරණය හමුවේදී පුළුල් තිර භාවිත කරමින් ප‍්‍රදර්ශනය කළ අතර වැඩිදුර විභාගය ලබන 9 වැනිදා දක්වා කල් තැබිණි.

 ඒ. ජේ. ඒ. අබේනායක ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment