අසාද් සාලිට එරෙහි සාක්‍ෂි විභාගය තෙවැනි දිනටත්

152

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය තෙවන දිනටත් ඊයේ (11 දා* කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී පැවැත්විණි.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස කැඳවා තිබූ අගුලූගල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු සිවුදෙනෙක් එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ එහිදී සාක්‍ෂි ලබාදුන්හ.

වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 19 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

පසුගිය මාර්තු 9 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

 ඒ. ජේ. ඒ. අබේනායක, පිංතූරය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment