අසාද් සාලි සිද්ධිය මහෙස්ත‍්‍රාත්ගේ ප‍්‍රකාශය අධිකරණ බලය ඉක්මවා යෑමක් – ශ්‍රේෂ්ඨාධිකරණය

371

අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවේ කළ මතභේදයට ලක් වූ ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබියදී එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදීකර ඇතැයි කියන ප‍්‍රකාශය මහෙස්ත‍්‍රාත්වරයා සතු අධිකරණ බලතල ඉක්මවා යෑමක් බව පෙනී යන්නේ යැයි ශේ‍්‍රෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

සැකකාර අසාද් සාලි පසුගිය මාර්තු 9 වැනිදා සිදුකර ඇති එම ප‍්‍රකාශය අඩංගු හඬපට හා දර්ශන සම්පූර්ණයෙන්ම නරඹා සවන්දීමේදී එය ජාතික හා ආගමික සමගිය ඇති කරනා ආකාරයේ අදහස් දැක්වීමක් බවට පෙනී යන්නේ යැයි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කර ඇති බවත් උගත් මහෙස්ත‍්‍රාත්වරයා එම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ එම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර මාස කිහිපයකට පසුව බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ශේ්‍්‍රෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අසාද් සාලි මහතා මුදාහැරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ඔහු වෙනුවෙන් නීතිඥ ගෞරි සංගරි තවරාසා මහත්මිය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙන්සම මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

පෙත්සම්කාර නීතිඥවරිය මේ වනවිට මියගොස් ඇති බැවින් ඇය වෙනුවට වෙනත් නීතිඥවරියක ආදේශ කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය පියවර ගෙන තිබිණි. එලෙස පෙත්සම්කාර නාමය ආදේශ කිරීම වෙනුවට සැබෑ ඉල්ලූම්කරුවන අසාද් සාලි මහතාගේ ගම ඇතුළත් කළ නොහැක්කේ දැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විමසූ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් අසාද් සාලි මහතාගෙන් උපදෙස් ලබාගෙන ලේඛන ඉදිරිපත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment