අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඖෂධ දෙකක් මිශ‍්‍ර කර දෙන එන්නත ගෙන්වීමට අවසර දුන්නා

129

කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඖෂධ දෙකක් මිශ‍්‍රකර ලබාදෙන රීජන් කොව් එන්නත ගෙන්වීම සඳහා අදාළ සමාගමට අවසර ලබාදුන් බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා ‘දිවයින’ට ඊයේ (31 දා* පැවැසීය.

මෙම ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමට කලින් අවසරදී පසුව එය අත්හිටුවා තිබුණේ එම සමාගම වැරදි ප‍්‍රචාරණයක නිරතවීම නිසා බවද පසුව අදාළ සමාගම වැරදි නිවැරදි කරගෙන කටයුතු කිරීම නිසා අදාළ අවසරය දී ඇති බවද පැවසේ.

විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් මත පමණක් අදාළ එන්නත ලබාදීමට මේ අනුව පෞද්ගලික අංශයට ද පළමුවරට අවස්ථාව දී තිබේ.

මෙම එන්නත අසාධ්‍ය කොවිඞ් රෝගීන්ට දෙන තරමක මිල අධික එකක් බවද ඇමැතිවරයා කීය.

තරමක මිල අධික මෙම එන්නත ගෙන්වීමට රාජ්‍ය අංශයට අවසර දී නැති බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment