අසාධාරණයට එරෙහිව නැගී සිටින සොහොන් කාලි මෑණියෝ

2335

සුඩල කාලි හෙවත් සොහොන් කාලි යනු මහා භද්‍රකාලි මෑණියන්ගේ ප්‍රධාන අවතාර හත අතර බලගතුම අවතාරය වේ.

 අයුක්තිය අසාධාරණයට එරෙහිව හැම විටම සටන් කරන සොහොන් කාලි මෑණියෝ නරයන්ට වධ හිංසා පමුණුනවමින් අධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කළ දුර්ගා නමැති අසුරයා සමග සටන් වැද එකී අසුර සංහාරයම ක්‍ෂණයකින් විනාශයට පත් කොට විශ්වයම තම සුළැඟිල්ලට ගෙන වේගයෙන් කරකවා තම බලය පෙන්වූ බව ඉතිහාසයේ සඳහන්ය.

 එලෙස සතුරු දමනයට පිහිටවන්නා වූ සුවිශේෂී දේවතාවියක් ලෙස ප්‍රසිද්ධියට පත්වුවද ඇය නඩු හබ ජය ගැනීම – රැකියා දියුණුව – පවුල් ආරවුල් – විවාහ කටයුතු – දරු සම්පත් අහිමි වීම වැනි අනන්ත අප්‍රමාණ වූ පීඩාවන්ගෙන් මිදී සහනය උදා කර ගැනීමට ද පිහිට වන්නා වූ දේවාත්මයකි.

 එදිනෙදා කෙනෙකුට මුහුණ පාන්නට සිදුවන  ගැටලුවලදී සුබ කටයුතු සඳහා පුරපක්ෂයේ දිනවලත් අසුබ කටයුතුවලදී අවපක්ෂයේ දිනවලත් එතුමියගේ පිහිට පැතිය යුතු අතර යහපත උදා කර ගැනීමට අවශ්‍ය වූ විට පුර පක්ෂයේ අඟහරුවාදා හෝ සිකුරාදා දින දෙකෙන් එකක් තෝරා ගෙන එම දින දෙකෙහිම රාත්‍රි 8.08 ත් 8.24 ත් යන කාලය තුළදී බුදුන් වැඳ දේවතා මණ්ඩලය පිං අනුමෝදන් කර මූලික ආගමික කටයුතු ඉටු කර සොහොන් කාලි මෑණියන් වෙනුවෙන් රතුමල් – සුවඳ දුම් – අබතෙල් පහන් පූජා කර රතුමල් මාලයක් පළඳවා රත් කෙසෙල් සහිත නැවුම් පලතුරු පූජාවක් පවත්වා පහත සඳහන් ස්තෝත්‍ර හත්වර බැගින් ගායනා කර පිං අනුමෝදන් කර තම කරුණු කාරණා වෙනුවෙන් පිහිට ප්‍රාර්ථනා කර සිටීමෙන් ඔබේ ගැටලු නිරාකරණය කරගත හැකි බව අත්දැකීමෙන් පවසමු.

 එහෙත් ඔබේ නඩු අවනඩු සතුරු කරදර සඳහා සෙත ප්‍රාර්ථනා කිරීමේදී මේ සියලු පූජාවන් වෙනස් වන අතර ඒ සඳහා පස්තෙල් පහන් තඹ පඬුරු ලේ ගොටු සහිත තෙල් බැඳුම් දියගොඩ මස් සහිත පූජාවක් සමග වදමල් මාලා ප්‍රයෝජනයට ගැනේ.

 ගැයෙන ස්තෝත්‍ර ද වෙනස් වන අතර විශේෂයෙන්ම මහා කාලි ජීවම් දිෂ්ටියේ එන පර්වත සිරකර වෘක්ෂගත මලයක්‍ෂ ප්‍රේත කුම්භාණ්ඩ දිෂ්ටියෙන් මලය ගිරි නීලගිරි වරංගත් ශ්‍රී පත්‍රකාලි ජීව ජීව වර දිෂ්ටි නමඃ යන යෙදුම්වල අක්ෂර නිවැරදිවම ගායනා කළ යුතුය.

 මෙහිදී ඔබ සිහි තබා ගත යුතු ප්‍රධානම කාරණය වන්නේ සොහොන් කාලි මෑණියන් සමග ගනුදෙනු කිරීම දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා අපහසු කාර්යයක් බවත් සර්ව සාධාරණය සතුරු කරදර පිළිබඳ සියයට සියයක් දිව නෙතින් බලා අපට වරද කරන්නවුනට දඬුවම් ලබා දීමට ඇය සැදී පැහැදී සිටින බැවින් එම කටයුතු අතර අප ද සියයට සියයක් නිවැරදි මෙන්ම සාධාරණ විය යුතුය.

 එම තත්ත්වය අවබෝධ කර ගනිමින් ඔබ වෙත නිකරුණේ එල්ල වන්නා වූ සතුරු කරදර ඊර්ෂ්‍යා මෙන්ම අසාධාරණ සහගත ක්‍රියාවන් ඇය වෙත ඉදිරිපත් කිරීමෙන් ස්ථිර වශයෙන්ම එවැනි අයට මෙලොවදීත් එලොවදීත් දේව කෝපවලට මෙන්ම දේව ශාපවලට ගොදුරු වීම නොවැළැක්විය හැකිය.

 “ඕම් ශන්ති නික්ක ශිව නික්ක
 නල්ල ගුරු මහා ලක්‍ෂ්මී නික්ක
 සුඩල කාලි අම්මායනේ එන්නේමි
 පක්කම් වශිය මාංශ නික්කඩේ ශිවාන්”

 “ ඕම් හ්රීම් කාලි කපලානි
 ගුර්ණ දේහි විශ්වම්
 විමෝයා ජගන මෝයා
 සර්ව මෝයා
 සර්ව මෝයා
 දඃ දඃ ස්වාහඃ

අසාධාරණයට එරෙහිව නැගී සිටින සොහොන් කාලි මෑණියෝ


ජ්‍යොතිෂවේදී –  රංජන් සිසිර කුමාර
 
 සටහන –  ධම්මික හේවාවසම්
 

advertistmentadvertistment
advertistmentadvertistment