අසාධාරණය විමසූ ත්‍රීරෝද රියදුරාට පිරවුම්හල් අයිතිකරු පුත්‍රයා සහ සේවකයෝ අමානුශිකව පහරදීලා

438

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු, අයිතිකරුගේ පුත්‍රයා සහ එහි සේවකයන් එක්ව පෙරේදා (22 දා) රාත්‍රියේ පෙට්‍රල් ලබා ගැනීමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියැදුරකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

 තුවාලකරු තම ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු වේලාවක් පෝළිමේ රැඳී සිටියදී පිරවුම්හලේ අයිතිකරුගේ මිත්‍රයකු පෝළිමෙන් පිටත සිට පෙට්‍රල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳව ත්‍රිරෝද රියැදුරා අයිතිකරුගෙන් සිදුවන අසාධාරණය පිළිබඳව කරුණු විමසීමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග මෙම පහරදීම සිදු වී ඇත.

 පහර දීමෙන් තුවාල ලබා බිම වැටී සිටි ත්‍රිරෝද රියැදුරාව පිරවුම්හල් සේවකයන් විසින් බිම දිගේ ඇදගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි නාවලපිටිය දුම්රිය ස්ථානයට දමා තිබියදී ඉන්ධන ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි පිරිසක් විසින් 1990 හදිසි ගිලන් රථ සේවය ගෙන්වා තුවාලකරුව නාවලපිටිය මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතළ නිසා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. පිරවුම්හලේ අයිතිකරුද ත්‍රිරෝද රියැදුරා පහරදුන් බව පවසමින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

 නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment