අසාර්ථක ආණ්ඩුව එක්ක රනිල් ‘ඞීල්’ දාලා වැඩක් නෑ… ආණ්ඩුව වගේම විපක්‍ෂයත් අසමත්

823

මෙරට දේශපාලනයේ වසර ගණනාවක් රැඳී සිටියත් රටට දැනෙන යමක් කිරීමට අපොහොසත් වූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ සිට රටට අලූත් දෙයක් කිරීමට දැන් හැකියාවක් නැතැයි හිටපු ඇමැති, එජාප ජ්‍යෙෂ්ඨතම සාමාජික ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (16 දා* සඳහන් කළේය.
 
 වික‍්‍රමසිංහ මහතා රජය සමග ‘ඞීල්’ දමමින් සිටින බවක් පෙනෙන්නට ඇති බවද කී හිටපු ඇමැතිවරයා රට ගොඩදැමීමට නම් ඒ ‘ඞීල්’ දැමීම හරියන්නේ නැතැයි ද කියා සිටියේය.
 
 වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා මෙසේ ද පැවසීය. රනිල් කියන්නේ හොඳ ‘ඞීල්කාරයෙක්’ තමයි. නමුත් මේ අසාර්ථක ආණ්ඩුව සමග ‘ඞීල්’ දාලා වැඩක් නැහැ ඒකෙන් රටටත් පක්‍ෂයටත් සත පහක වැඩක් නැහැ. අද රටේ තියෙන්න තිබුණේ එජාප ආණ්ඩුවක්. ‘රනිල් – සජිත්’ දෙකට බෙදිලා කුලල් කා ගැනීම නිසා තමයි මේ අය බලය ඩැහැගත්තේ. මම මේ දෙගොල්ල එකතු කරන්න බොහොම මහන්සි වුණා. මම බේදබින්න කරන වැඩවලට ගියේ නැහැ. නමුත් දොගොල්ලම ජ්‍යෙෂ්ඨ අපේ හඬට කන්දුන්නේ නැහැ.
 
 තමන් ගැන පමණක් හිතන නායකයෝ රටේ තියා පක්‍ෂවලවත් නායක තනතුරුවලට සුදුසු නැහැ. එජාපය ඇතුළේ කල්ලි හැදුණු එක තමයි විනාසේ. අද ආණ්ඩුව වගේම විපක්‍ෂයත් අසමත්. හොඳ විපක්‍ෂයක් හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. එජාපය යටතේ මේ රටේ ස්වර්ණමය යුගයක් තිබුණා. මම ඒ කාලේ ඇමැති තනතුරු දරමින් හොඳ වැඩ කළා. අද මට සතුටට තියෙන්නේ එච්චරයි.

– සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment