අසාර්ථක ආරම්භයයි වැස්සේ බාධාවයි ශී‍්‍ර ලංකාවට පරාජය ගෙනෙයි

228

සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමගින් කි‍්‍රයාත්මක එක්දින කි‍්‍රකට් තරගාවලියේ 1-1ක් ලෙස සමතැන් ගැනීමට සංචාරක දකුණු අපි‍්‍රකානුවෝ පෙරේදා (04 වැනිදා* සමත්වූහ. එ් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 67කින් ජය ගනිමිනි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කි‍්‍රයාත්මක කෙරුණු ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව පන්දුවාර 41කදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 265ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා ඉනිම පන්දුවාර 36.4කදී සියලූ දෙනා දැවී ලකුණු 197කට සීමා කිරීමට ටබ්රිෂ් ෂම්ෂි ඇතුළු දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සමත්වූහ. පන්දුවාර 7යි පන්දු 4ක් කි‍්‍රයාත්මක කළ දකුණු අපි‍්‍රකානු පිලේ ප‍්‍රධානතම තුරුම්පුව වන ටබ්රිෂ් ෂම්ෂි ලකුණු 49කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීය. ෂම්ෂිට අනෙක් අන්තයෙන් දායකත්වය සැපයූ කාගිසෝ රබාඩා පන්දුවාර 6කදී ලකුණු 16කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 2ක් සහ ජෝර්ජ් ලින්ඬේ, වියාන් මුල්ඩර් සහ නායක කේෂාව් මහරාජ් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ශ‍්‍රී ලංකා පළමු පෙළ ආසාර්ථකවීම මත මුල් කඩුලූ 3 මුළු ලකුණු 19දී බිඳ වැටුණි. එ් අනුව පළමු තරගයේදී ශී‍්‍ර ලංකා ඉනිමේ වීරයා බවට පත්වූ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 8කටත් මිනෝද් භානුක ලකුණු 07කටත් දැවී යද්දී පළමු තරගයේදී ලකුණු නොලබා දැවී ගිය භානුක රාජපක්ෂ පිට පිටම දෙවැනි වතාවටත් කිසිදු ලකුණක් නොලබා දැවී ගියේය.

ධනංජය ද සිල්වා ලකුණු 12කට දැවී යෑමත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයේ මාවතට සේන්දු වුවද යළිත් එම ඉනිමට උත්තේජනයක් සැපයීමට චරිත් අසලංක සහ නායක දසුන් ශානක සමත්විය. දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 61ක සම්බන්ධතාවක් එක් කරමින් සිටියදී ලකුණු 30කදී දසුන්ගේ ඉනිමට තිත තැබීමට ෂම්ෂි සමත්විය.

අසාර්ථක ආරම්භයයි වැස්සේ බාධාවයි ශී‍්‍ර ලංකාවට  පරාජය ගෙනෙයි

සටන්කාමී ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 69කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 77කට දැවී ගියේය. ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් බලාපොරොත්තුව වූ චාමික කරුණාරත්න පන්දු 23කදී හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 36ක් ලබා සිටියදී නායක කේෂාව් මහරාජ්ගේ ගොදුරක් බවට පත්ව දැවී යෑම ශී‍්‍ර ලංකාවේ පරාජය ඉක්මන් විය.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙරට අතර දෙවැනි තරගයට පෙරාතුව කී‍්‍රඩාංගණයට වර්ෂාව ඇද වැටීම හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කිරීමට පළමුවෙන් තීරණය කෙරිණි. එ් අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලූ 6ක් දැවී ලකුණු 283ක් වාර්තා කිරීමට සමත්විය.

දකුණු අපි‍්‍රකානු ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දැමූ ජනෙමන් මලන් සිය තුන් වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 135කදී ලකුණු 121ක් රැුස් කළේය. එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 09ක් ඇතුළත් වෙද්දී රීසා හෙන්ඩි‍්‍රක්ස් පන්දු 54කදී ලකුණු 51ක් වාර්තා කළේ හතරේ පහර 5ක් සමගිනි. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ කඩුලූ රකින කී‍්‍රඩක හෙන්රිච් ක්ලාසේන පන්දු 27කදී හයේ පහර 1ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 43ක් රැස් කළේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment