අසිරිමත් නත්තල අද මැදියම් රෑ උදා වෙයි

121

ප්‍රධාන දේව මෙහෙය කැපුම්ගොඩ දෙව්මැඳුරේදී

අද (24 දා) මැදියම් රැයේ උදාවෙන අසිරිමත් නත්තල් දින දේව මෙහෙයන් වලදී අසල්වැසි ප්‍රේමය තහවුරු කිරීම සඳහා සියලුම දෙව්මැඳුරුවලදී විශේෂ යාඥාවක් සිදුකිරීමට නියමිතය.

නත්තල වෙනුවෙන් විවිධ අරුමෝසම් සඳහා වැයකරන මුදල් දිළින්දන් වෙනුවෙන් කැපකරන ලෙස දේවමෙහෙය වලදී අදාළ පූජා ප්‍රසාදිවරුන් බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරනු ඇත.

ප්‍රධාන නත්තල් දේවමෙහෙය පමුණුගම කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේදී පැවැත්වේ.

මෙවර උදාවෙන නත්තලේදී දෙව්මැඳුරුවලට පැමිණෙන බැතිමතුන් බොහෝ දෙනෙකු රටේ ජනතාව වෙනුවෙන් විශේෂ යාඥා සිදුකිරීමට නියමිතය.

අසිරිමත් නත්තල් උත්සව සමග විවිධ ආගමික වතාවන් හා කැරොල් ගීතිකා සෑම දෙව් මැඳුරකම අද ගැයෙනු ඇත.

කිතු උපත සිහි ගැන්වෙන ගවහල් දෙව්මැඳුරුවෙල තනා තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment