අසිරිමත් නත්තල උදාවෙයි… සතුට සැනසුම ගෙනෙන සුබ නත්තලක් වේවා!

220

ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමත්හු අද (25 දා) ජේසු බිළිඳාගේ උපත මහත් බැතියෙන් සමරති. බෙත්ලෙහෙමේ උපන් ජේසු බිළිඳා සැමරීමේ උත්සව බටහිර රටවල සහ බෙත්ලෙහෙමේ මහත් අසිරිමත් ලෙස පැවත්වේ. මෙයට වසර දහස් ගණනකට පෙර පෙරදිගින් පැමිණි රජවරු තිදෙනෙක් හෙරොද් රජු වෙත පැමිණ යුදෙව්වන්ට රජුවූ තැනන් වහන්සේ උපන්නේ කොතැනකද? අපි උන්වහන්සේගේ තාරකාව දුටුවෙමු යයි පැවසූහ.

මින් හෙරොද් රජු දැඩි කැළඹීමකට පත්විය. තාරකාව එම රජවරුන්ට මග පෙන්වා නතර විය. ගවලෙනක උපත ලබා සිටි ජේසු බිළිඳු දුටු රජවරු තිදෙනා නමස්කාර කර පඬුරු පිළිගන්වන්නට වූහ.

ජේසු බිළිඳාගේ උපත සැලවූ විගස හොරොද් රජු අලුත උපන් සියලු බිළිඳුන් ඝාතනය කරන ලෙස හමුදාවට නියෝග කරනු ලැබීය. එහෙත් ගව ලෙන තුළ දර්ශනය වූ දේව දූතයෙක් වහාම දරුවා රැගෙන පළායන ලෙස ජේසු බිළිඳාගේ මව්පියන්ට විධානය කළේය.

නත්තල හෙවත් ජේසු බිළිඳාගේ උපත අද ඉතා අසිරිමත් ලෙස ලොව පුරා සැමරේ. ඊයේ (24 දා) මැදියම් රැයේ කිතුනු දෙව් මැදුරුවලින් නැඟුණ සීනු හඬින් නත්තල උදාවිය. මෙරට දේවස්ථාන රැසක ඊයේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වුණි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර, කොටහේනේ ශාන්ත ලුෂියා ආසන දෙව්මැඳුර, රාගම තේවත්තේ දේවස්ථානය, බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දෙව්මැඳුර ඇතුළු ප්‍රධාන දෙව් මැඳුරුවල නත්තල් දේව මෙහෙයන් පැවැත්වූහ. වතිකානුවේ සිට ඊයේ නත්තල් දේව මෙහෙය ලොව පුරා විකාශනය විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment