අසූතුන් හැවිරිදි යාන්ති‍්‍රක ශිල්පියා ළදරු ප‍්‍රවාහන ට්‍රොලියක් හදයි

270

උණුසුම්කරණ ඒකකයක් සහිත ළදරු ප‍්‍රවාහන ට්‍රොලියක් නිර්මාණය කිරීමට අසූතුන් හැවිරිදි යාන්ත‍්‍රික ශිල්පියකු සමත්ව තිබේ.

ඔහු නාවලපිටිය බව්වාගම ප‍්‍රදේශයේ පදිංචි ඊ. බෙන්ජමින් ද සිල්වා මහතාය. එම ට්‍රොලිය නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට පරිත්‍යාග කිරීමට ඒ මහතා කටයුතු කර ඇත.

හදිසියේ රෝගී වූ ළදරුවකු නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ නොමේරූ ළදරු ඒකකය වෙත එම ළදරුවා රැුගෙන ගිය ට්‍රොලියේ තිබූ අඩුපාඩුකම් රැුසක් දැක නව ට්‍රොලිය නිර්මාණය කිරීමට පෙළඹුණු බව සිල්වා මහතා කීය.

දැනට රෝහල සතුව තිබෙන ට්‍රොලියේ අසාධ්‍ය ළදරුවකු රැුගෙන යන අවස්ථාවේ ට්‍රොලිය තල්ලූ කිරීමට සහ ඔක්සිජන් සිලින්ඩරය රැුගෙන යෑමට සේවකයින් දෙදෙනකු අවශ්‍ය බවත් තමන් අලූතින් නිර්මාණය කරන ලද ට්‍රොලිය ක‍්‍රියාකරවීමට අවශ්‍ය වන්නේ එක් පුද්ගලයකු පමණක් බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය. රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ කාර්ය මණ්ඩලයේ අවසර ලබාගෙන රුපියල් හතළිස් දහසක පමණ මුදලක් වැයකර නව නිර්මාණය කළ බවත් දරුවාගේ ශරීර උණුසුම ද රැුක ගනිමින් ට්‍රොලිය තුළ ඔක්සිජන් සිලින්ඩරය සහ තවත් වෛද්‍ය උපකරණද රඳවා තබාගෙන තනි පුද්ගලයකුට එය හැසිරවීමට හැකි බවත් ඒ මහතා කීය. විදේශීය රටකින් මෙවැනි පහසුකම් සහිත ට්‍රොලියක් ආනයනය කරන්නේ නම් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැය වන බවද සිල්වා මහතා පැවසීය.

සමන්තී විරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment