අසූවේ සීයලා දෙදෙනාගේ ගැටුමෙන් අයෙක් කැපුම් තුවාල ලබයි

649

වයස අසූව ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු කැපුම් තුවාල සහිතව රෝහල්ගත කළැයි කුලියාපිටිය පොලිසිය කියයි.

ඊයේ (05දා) කුලියාපිටිය නගරය මැද ලොතරැයි අලෙවි කුටියක් අසල වයස අසූව ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනකු පැරණි ගනුදෙනුවක් පිළිබඳව උස් හඬින් සාකච්ඡා කර තිබූ අතර ඉන් අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබූ බවද පොලිසිය කියයි.

එක්වරම පිටතින් පැමිණ තිබූ අය විසින් අතෙහි වූ රැවුල කපන කැපුම් තලයකින් ලොතරැයි අලෙවි සැලෙහි වයස්ගත අයගේ පිට හා අත කපා දමා තිබිණ. මෙතරම් වයසේ පසුවන්නන් එවන් ගැටුමකට නොයන හේතුවෙන් ගැටුම බේරන්නටත් කිසිවෙකුත් ඉදිරිපත් නොවූ බවද පොලිසිය කීය.

කෙසේවෙතත් පසුව කැපුම් තුවාල සහිත අය කඩිනමින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර අනෙක් පුද්ගලයා අසල පිරිස අල්ලාගෙන පොලිසියට භාර කර තිබිණ.

ගැටුම ඇතිකරගෙන තිබූ දෙදෙනාම කුලියාපිටිය නගරයේ පැරණි පදිංචිකරුවන් වූ අතර නම කියූ සැණින් බොහෝදෙනා දන්නා අය වීම විශේෂත්වයකි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමාජයට ආදර්ශයක් වනවා විනා මෙලෙස හැසිරීම අනාගත පරපුරට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් බවත් යම් ගැටලුවක් වේනම් එය විසඳාගැනීමට පොලිසියට පැමිණෙනවා වෙනුවට නීතිය අතට ගෙන ක්‍රියාකිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් කියමින් පොලිසිය අදාළ වයස්ගත පුද්ගලයා පොලිසියට රැගෙන ගියහ.
කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment