අහංගම ෆේස්බුක් සාදයක හෙරොයින් සහ මත්පෙති –  කාන්තාවකුත් අත්අඩංගුවට

125

අහංගම කතළුව ප්‍රදේශයේ හෝටලයක පැවති මුහුණු පොත සාදයක් වටලා පොලිස් විශේෂ කාරය බලකා නිලධාරින් විසින් හෙරොයින් මිලි ග්‍රෑම් හතළිහක් සහ මත්පෙති විසි හතරක් සමග කාන්තාවක් පෙරේදා (18දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ සපුගස්තැන්න පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.

මෙම මුහුණු පොතේ සාදය පැවැත්වීම සඳහා 17දා සවස හයේ සිට රාත්‍රි එකොළහ දක්වා බලපත්‍ර ලබාගෙන තිබුණත් ඊයේ අලුයම දක්වා එය පැවැත්වෙමින් තිබී ඇත. එසේ පැවැත්වෙමින් තිබියදී ලැබුණ තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සාදය වටලා පරීක්ෂා කිරීමේදී හෙරොයින් සහ මත් පෙති ළඟ තබාගෙන සිටි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අහංගම පොලිසිය වෙත භාරදී ඇති අතර පොලිසිය පවසන්නේ සැකකාරිය සාදයට සහභාගි වන අයට අලෙවි කිරීම සඳහා මෙම මත් පෙති ගෙන එන්නට ඇතැයි සැක කරන බවය.

සැකකාරිය ඊයේ (19දා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. බන්දුල මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ,  වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්,  හබරාදුව – ඒ. එල්. ඒ. ආරියරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment