අහක ගිය පොලිස් වෙඩිල්ලට කතක් බිලි – දංඕවිට මත්පැන් අලෙවි සලක්  කොල්ල කා පලා යද්දී පොලිසියෙන් වෙඩි

512

වෙඩි කෑ  කොල්ලකරුවෝ දෙදෙනෙකුත් රෝහල්ගතවෙලා

මීරිගම, දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවි සලක් (වයින් ස්ටෝර්ස්) ඊයේ (2දා) අලුයම 3.00 ට පමණ කොල්ල කා පලා යෑමට උත්සාහ කළ කොල්ලකරුවන් පිරිසකට පොලිසිය වෙඩි තබද්දී ඉලක්කය වැරදී බස් රථයක සිටි මගී කාන්තාවකගේ හිසට වැදී ඇය එම ස්ථානයේම මියගොස් තිබේ.

අහක ගිය පොලිස් වෙඩිල්ලට කතක් බිලි - දංඕවිට මත්පැන් අලෙවි සලක්  කොල්ල කා පලා යද්දී පොලිසියෙන් වෙඩි

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙන්තොට, කඹුරුගල, වන්නිගෙවත්ත අංක 29/ඒ දරණ නිවසේ පදිංචිව සිටි ඉරේෂා ශ්‍යාමලී නමැති විසිනව හැවිරිදි තරුණියකි.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවකගේ පූජාවකට සහභාගීවී බස් රථයක එමින් සිටියදී පොලිස් වෙඩි පහරට ලක්වී අවාසනාවන්ත ලෙස මෙම තරුණිය මියගොස් ඇත.

අහක ගිය පොලිස් වෙඩිල්ලට කතක් බිලි - දංඕවිට මත්පැන් අලෙවි සලක්  කොල්ල කා පලා යද්දී පොලිසියෙන් වෙඩි

මියගිය තරුණිය, කැලණිය ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ අනුරාධපුරයට ගොස් දේව පූජාවට සහභාගිවී බස් රථයක නැගී ආපසු කොළඹ බලා එමින් සිටියදී මෙම ඉරණමට ගොදුවී තිබේ.

දංඕවිට නගරයේ පිහිටි මැත්පන් අලෙවි සලක් මංකොල්ල කන බවට ඊයේ කිසියම් කාන්තාවක් විසින් දංඕවිට පොලිසියට දැනුම් දී ඇත. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ පොලිසිය රාත්‍රී මුර සංචාරයේ නිතර පොලිස් නිලධාරීන් දෙදෙනකුට මේ පිළිබඳ දැනුම්දී ඇත.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා ටී 56 ගිනි අවියක්ද සමඟ දංඕවිට නගරයට එනවිටත් එම මත්පැන් හල කඩා ඒ තුළ තිබූ මුදල් අඩංගු සේප්පුව අපරාධකරුවන් විසින් එළියට ගෙන තිබී ඇත.

නිල ඇඳුමින් සැරසී සිටි පොලිසිය දුටු අපරාධකරුවන් දෙදෙනා සේප්පුව එම ස්ථානයේම අතහැර දමා ඔවුන් පැමිණි කුඩා වෑන් රථයට ගොඩවී පලා ගොස් ඇත. ඒ මොහොතේ පොලිස් නිලධාරීන් දෙදෙනාද අපරාධයට පැමිණි වෑන් රථය පිටුපස ලුහුබැඳ යමින් ටී 56 ගිනි අවියෙන් වෙඩි තබා ඇත.

අහක ගිය පොලිස් වෙඩිල්ලට කතක් බිලි - දංඕවිට මත්පැන් අලෙවි සලක්  කොල්ල කා පලා යද්දී පොලිසියෙන් වෙඩි

මෙහිදී වෑන් රථයේ සිටි කොල්ලකරුවන්ද පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර වෙඩි හුවමාරුවේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ එන්.සී. 0489 දරණ ලංගම බස් රථයක් දෙසට වෙඩි උණ්ඩයක් ඉගිලී ගොස් ඇත.

අහක ගිය පොලිස් වෙඩිල්ලට කතක් බිලි - දංඕවිට මත්පැන් අලෙවි සලක්  කොල්ල කා පලා යද්දී පොලිසියෙන් වෙඩි

ඒ මොහෙතේ බස් රථයේ වාඩිවී කොළඹ බලා එමින් සිටි තරුණියගේ හිස පිටුපසට ඇතුල්වූ වෙඩි උණ්ඩය ඉදිරිපස මුහුණද පසාරු කරගෙන ගොස් ඇය එතැනම මියගොස් තිබේ. එම කලබගෑනියෙන් ප්‍රයෝජන ගත් කොල්ලකරුවන් වෑන් රථයේ නැගී පලාගොස් ඇත.

පසුව දංඕවිට පොලිසිය මෙම කොල්ලකරුවන් පිළිබඳ සෙසු පොලිසිවලටද දැනුම්දී ඇත්තේ වෙඩි හුවමාරුවෙන් අපරාධකරුවන්ට තුවාල සිදුවී තිබිය හැකි බවද කියමිනි. කොල්ලකරුවන් පැමිණි වෑන් රථය රාගම ප්‍රදේශයේ මහමග දමාගොස් තිබියදී පොලිසියට හමුවී ඇත.

මේ අතරතුර රාගම රෝහලට වෙඩි වැදුන දෙදෙනකු ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබන බවට රෝහල් පොලිසිය කළ දැනුම්දීමත් සමඟ ක්‍රියාත්මක වූ පොලිසිය එම තුවාලකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

තුවාල ලබා රෝහලේ සිටින සැකකරුවන් දෙදෙනා වත්තල, හුණුපිටිය සහ පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

නාඳුනන පිරිසක් තමන්ට වෙඩි තැබූ බවට සැකකරුවන් රෝහල් පොලිසියට කටඋත්තර දී තිබේ.

මේ වනවිට එම සැකකරුවෝ දෙදෙනා පොලිස් ආරක්‍ෂාව මැද රාගම රෝහලේ ප්‍රතිකාර ලබති.

සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලිසිය විමර්ශන සිදුකරන අතර කොල්ලය සඳහා පැමිණ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනා ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ අපරාධකරුවන් බවට මූලික විමර්ශන වලදී හෙළිවී ඇත. මෙම කොල්ලය සඳහා පැමිණි පිරිස පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව දංඕවිට පොලිසිය සඳහන් කළේය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. ගාමිණි ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

හේමන්ත රන්දුණු සහ ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment